පාස්කු සිද්ධියට අදාළව ගෝඨාභය රාජපක්ෂ සැකකරුවෙක් ලෙස නම් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය කරයි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

පාස්කු සිද්ධියට අදාළව ගෝඨාභය රාජපක්ෂ සැකකරුවෙක් ලෙස නම් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය කර, අධිකරණයට දැනුම් දෙන්නැයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සැකකරුවෙක් ලෙස නම් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (25) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදි මහේස්ත්‍රාත්වරයා විසින් මෙලෙස නියෝග කරනු ලැබුවා.

සිද්ධියට අදාල 1, 2 සැකකරුවන් ලබන 9 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් අධිකරණය නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ වව්නතිව් යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ මෙම සිද්ධියේ පළමු සැකකරු වන යාසිම් බාවා ජෙගිල්පාස් සහ දෙවැනි සැකකරු වන සරත් සමන්ත නමැති බුද්ධි නිලධාරීන් දෙදෙනෙකි.

සිද්ධියට අදාළ තුන්වන සැකකරු වන හිටපු බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ තවදුරටත් රැඳවුම් භාරයේ පසු වේ.

නඩුව ජනවාරි 27 වැනිදා යළි කැදවීමට නියමිතයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *