No talks until attacks stop – Iran makes a strong statement

 

Iran says it will not engage in new nuclear talks until the Israeli attacks stop.

Iranian Foreign Minister Abbas Araghchi further said that diplomatic efforts with the United States regarding its nuclear program are unnecessary until the current military situation stops.

The minister participated in the United Nations Security Council meeting held in Geneva yesterday.

The Iranian Foreign Minister made this statement in response to a request made by European Union foreign ministers during talks later in the day.

This comes against a backdrop of US President Donald Trump saying that he will decide within two weeks whether to join the Israeli-Iranian attacks.

It is said that several targets were attacked overnight.

Israel also said that several Iranian soldiers, including a commander at an Islamic Revolutionary Guard Corps (IRGC) base, were killed in the attacks.

ප්‍රහාර නවත්වනතුරු සාකච්ඡා බෑ – ඉරානයෙන් තද ප්‍රකාශයක්

ඊශ්‍රායලයෙන් එල්ල වන ප්‍රහාර නවත්වන තුරු නව න්‍යෂ්ටික සාකච්ඡා සඳහා යොමු නොවන බව ඉරානය පවසයි.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි වැඩිදුරටත් පැවසුවේ, පවතින යුධමය තත්ත්වය නවතින තුරු න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් අමරිකාව සමග රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් අනවශ්‍ය බවයි.

අමාත්‍යවරයා ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල රැස්වීමට ඊයේ සහභාගී විය.

ඉන් අනතුරුව යුරෝපා සංගමයේ විදේශ අමාත්‍යවරු සමග සිදුකළ සාකච්ඡා අතරතුර, ඔවුන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඉරාන විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

ඒ ඊශ්‍රායල – ඉරාන ප්‍රහාරවලට සම්බන්ධ විය යුතුද යන්න සති දෙකක් ඇතුළත තීරණය කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති පසුබිමක් තුළයි.

ඉලක්ක රැසකට එක රැයක් තුළ පහර දුන් බවයි.

ප්‍රහාරවලින් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) කඳවුරක අණදෙන නිලධාරියෙකු ඇතුළුව ඉරාන සොල්දාදුවන් කිහිපදෙනෙකු මියගිය බවද ඊශ්‍රායලය පවසයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *