PHI ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන වංචාව ගැන අනතුරු ඇඟවීමක්

www.bbcmirrormedia.org

www.sfmnewslk.com

www.asianewsplusone.com

www.Lankawebnews.lk

www.Ceylonnewsmedia.com

www.bbcmirror.lk

දිවයිනේ ප්‍රදේශ රැසක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) ලෙස හඳුන්වාගනිමින් ජනතාවගෙන් මුදල් ලබාගැනීමට උත්සාහ කරන වංචනික ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, විවිධ ආයතන සහ පෞද්ගලික නිවාසවල පදිංචිකරුවන් නොමග යවමින් අයථා ලෙස මුදල් ඉල්ලා ලබාගැනීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇති බවයි.

විශේෂයෙන්ම මේ දිනවල පවතින ඩෙංගු අවදානම් තත්ත්වය හේතුවෙන් සිදුකරන නිවාස පරීක්ෂණ සහ නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ කරුණු මතු කරමින් මෙම මුදල් ඉල්ලීම් සිදුකරන බවද එම සංගමය සඳහන් කරයි.

කෙසේවෙතත්, රාජකාරි කටයුතු සම්බන්ධයෙන් කිසිදු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ජනතාවගෙන් මුදල් අය නොකරන බව සංගමය අවධාරණය කර ඇත.

ඒ අනුව, PHI නිලධාරියෙකු ලෙස හෝ එසේ පෙනී සිටින පුද්ගලයෙකු විසින් යම් රාජකාරියක් සඳහා මුදල් ඉල්ලා සිටී නම් එවැනි ඉල්ලීම්වලට ප්‍රතිචාර නොදක්වන ලෙස ජනතාවට දැනුම් දී තිබේ.

තවද එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් ඉල්ලීමක් සිදු වුවහොත් වහාම පොලීසියට හෝ අදාළ බලධාරීන්ට ඒ පිළිබඳ දැනුම් දෙන ලෙසද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලා සිටී.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *