USAඅධිකරණයක් අදානිට එරෙහි අල්ලස් නඩුව ඉවත් කර ගනී
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
ඉන්දියානු කෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිට එරෙහිව පවරා තිබූ අධි චෝදනා සහිත අල්ලස් සහ වංචා නඩුව ඉවත් කර ගැනීමට ඇමෙරිකානු විනිසුරුවරයෙකු පියවර ගෙන තිබේ.
මෙම නියෝගයත් සමග ඉන්දියාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු සම්බන්ධයෙන් පැවැති මෙම ආන්දෝලනාත්මක නෛතික ක්‍රියාමාර්ගය අවසන් වී ඇත.
2024 වසරේදී අදානිට එරෙහිව චෝදනා එල්ල වූයේ, දැවැන්ත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ලබා ගැනීම සඳහා ඉන්දියානු රජයේ නිලධාරීන්ට අල්ලස් ලබා දුන් බවට සහ ඒ පිළිබඳව ඇමෙරිකානු ආයෝජකයින් නොමඟ යැවූ බවටයි. කෙසේ වෙතත්, ගෞතම් අදානි ඇතුළු ඔහුගේ සමාගම් සමූහය මුල සිටම මෙම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළේය.
අධිකරණ තීන්දුව පිළිබඳව අදහස් දක්වමින් අදානි ප්‍රකාශ කර ඇත්තේ, මෙම තීරණය ඉහළම ගෞරවයෙන් සහ නිහතමානීව පිළිගන්නා බවයි.
පිටු 47 කින් යුත් නියෝගයක් නිකුත් කරමින් ඇමෙරිකානු දිසා විනිසුරු නිකොලස් ගරෝෆිස් සඳහන් කළේ, අදානිට එරෙහි චෝදනා අතහැර දැමීමට ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට අනුමැතිය ලබා දෙන බවයි.
කෙසේ වෙතත්, මෙම තීරණයට එළඹි ආකාරය පිළිබඳව විනිසුරුවරයා සිය දැඩි අප්‍රසාදය පළ කර සිටියේය.
එහිදී විනිසුරුවරයා පෙන්වා දුන්නේ නියෝජ්‍ය නීතිපති ආර්. ට්‍රෙන්ට් මැකොටර් විසින් මෙම නඩුව විමර්ශනය කළ ප්‍රධාන පරීක්ෂකයින් සහ රජයේ නීතිඥයින් සමග කිසිදු සාකච්ඡාවකින් තොරව, අදානිගේ නීතිඥ කණ්ඩායම සමග පමණක් සාකච්ඡා කර මෙම නඩුව ඉවත් කර ගැනීමට කටයුතු කර ඇති බවයි


The graphics are top notch and the gameplay is just addictive. I’ve won a couple of times already today! Check out phperyaplus if you want some real excitement.