මඩවල මදීනා ජාතික පාසලේ දක්ෂතා දැක්වූ සිසුන් ඇගයීමට ලක් කෙරේ
www.bbcmirror.lk
www.sfmnewslk.com
www.Lankawebnews.lk
මාධ්‍යවේදී කේ.වි.එම්.එෆ්.එච්.ෆාසිල් මහනුවර
මඩවල මදීනා ජාතික පාසලේ පසුගිය වසර පහක කාලය තුළ අධ්‍යාපනික, ක්‍රීඩා, කලා ඇතුළු විවිධ ක්ෂේත්‍රවල විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් ඇගයීමට ලක් කිරීමේ විශේෂ ත්‍යාග ප්‍රදානෝත්සවයක් අෂ්රෆ් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
පාසලේ විදුහල්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති නීතිඥ අල්හාජ් ෆයිස් මුස්තාෆා මහතා සහභාගී විය.
මධ්‍යම පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ජනප් උනයිස් මහතා සහ වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ගුණරත්න මහත්මිය ඇතුළු ගෞරවනීය ආරාධිත අමුත්තන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී පසුගිය වසර පහ තුළ විවිධ ක්ෂේත්‍රවලින් පාසලට කීර්තියක් අත්කර දුන් සිසු සිසුවියන් රැසක් ඇගයීමට ලක් කර ඔවුන් වෙත ත්‍යාග හා සම්මාන පිරිනැමීම සිදු කෙරිණි.
ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සුරතින් සිසුන් වෙත ත්‍යාග පිරිනැමීම සිදු වූ අතර, ඔවුන්ගේ දක්ෂතා සහ ජයග්‍රහණ ඇගයීම තුළින් අනාගතයේදී තවදුරටත් ඉහළ ජයග්‍රහණ ලබාගැනීමට සිසුන් දිරිගැන්වීම මෙහි ප්‍රධාන අරමුණ විය.
පාසලේ ගුරු මණ්ඩලය, සිසු සිසුවියන්, දෙමාපියන් සහ ප්‍රදේශයේ ප්‍රභූවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


The game variety here is insane! I love how smooth the interface is even on my old phone. If you love slots, you must try semesta88slot.
If you are looking for the best collection of Jili games, this is the spot. Everything loads fast and the wins feel rewarding. Big thanks to jiliigames.