අමාත්‍ය බිමල් රත්නායක ICAPP මාධ්‍ය සංසදයේ සම සභාපති ධුරයට පත්වෙයි දකුණු කොරියානු නියෝජිතවරියක ද සමඟ ඉදිරි වසර දෙක සඳහා නව පත්වීමක්

www.bbcmirror.lk | www.Lankawebnews.lk

මාධ්‍යවේදිනී ෆාතිමා සෆාන්

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර දේශපාලන හා මාධ්‍ය ක්ෂේත්‍රයේ වැදගත් තනතුරක් හිමිකර ගැනීමට සභානායක සහ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සමත්ව තිබේ.

ඒ අනුව ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සමුළුව (International Conference of Asian Political Parties – ICAPP) යටතේ ක්‍රියාත්මක මාධ්‍ය සංසදයේ සම සභාපතිවරයා ලෙස ඒ මහතා තෝරා පත්කරගෙන ඇත.

මෙම තනතුර සඳහා ඉදිරි වසර දෙකක කාලය වෙනුවෙන් දකුණු කොරියාවේ ආචාර්ය සියෝ ජි-යන්ග් මහත්මිය ද සම සභාපතිනිය ලෙස තේරී පත්ව සිටී.

ICAPP සංවිධානයේ 13 වැනි සැසිවාරය 2026 නොවැම්බර් 04 වැනිදා සිට 07 වැනිදා දක්වා දකුණු කොරියාවේ සෝල් අගනුවරදී පැවැත්වේ.

මෙම ජාත්‍යන්තර සමුළුව සඳහා රටවල් 36ක් නියෝජනය කරමින් දේශපාලන පක්ෂ 83ක නියෝජිතයන් සහභාගි වන අතර, ආසියානු කලාපයේ දේශපාලන සහයෝගීතාව හා සම්බන්ධීකරණය පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරේ.

විශේෂත්වය වන්නේ බිමල් රත්නායක මහතා ICAPP සංවිධානයේ මෙහෙයුම් කමිටුවේ සාමාජිකයකු ලෙස ද කටයුතු කිරීමයි.

මෙම පත්වීම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වේදිකාවක නියෝජනය තවදුරටත් පුළුල් කර ගැනීමට ලැබුණු අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *