පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුවට සහභාගී වූ අගමැතිනිය යළි ශ්‍රී ලංකාවට
www.bbcmirror.lk | www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ (CHOGM) 28 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා ඇන්ටිගුවා සහ බාබියුඩා රාජ්‍යයේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (07) යළි දිවයිනට පැමිණියාය.
අග්‍රාමාත්‍යවරිය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් මෙරටට පැමිණි බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිල වශයෙන් සඳහන් කරයි.
මෙම සංචාරය අතරතුර පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේදී ගෝලීය ආර්ථික තත්ත්වයන්, සංවර්ධන අභියෝග සහ සාමාජික රටවල ඉදිරි ප්‍රමුඛතා පිළිබඳව පැවති සාකච්ඡා සඳහා අග්‍රාමාත්‍යවරිය එක්ව සිටියාය.
විශේෂයෙන්ම, පොදුරාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් මුහුණ දෙන පොදු අභියෝග ජය ගැනීම සඳහා අන්‍යෝන්‍ය සහයෝගීතාව, හවුල්කාරිත්වය සහ සාමූහික ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වී තිබේ.
එමෙන්ම, ශ්‍රී ලංකාවට වැදගත් වන ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ ජාත්‍යන්තර සහයෝගීතාව පුළුල් කර ගැනීමේ අරමුණින් පොදුරාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් කිහිපයක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් සමඟ ද අග්‍රාමාත්‍යවරිය ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වී ඇත.
මෙම හමුවීම් හරහා අදාළ රටවල් සමඟ පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කර ගැනීම පිළිබඳව ද අවධානය යොමු වී තිබේ

