මි.මී. 30ක වර්ෂාපතනයකට පමණක් ඔරොත්තු දෙන කොළඹ ජල බැසයාමේ පද්ධතිය – නගරාධිපතිනිය හෙළි කරයි
www.bbcmirror.lk | www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි – ෆාතිමා සෆාන්
කොළඹ නගරයේ පවතින ජල බැසයාමේ පද්ධතිය සැලසුම් කර ඇත්තේ මිලිමීටර් 30ක පමණ වර්ෂාපතනයක් කළමනාකරණය කරගත හැකි පරිදි බව කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පවසයි.
එහෙත් පසුගිය නොවැම්බර් 06 වැනිදා පැය කිහිපයක් ඇතුළත කොළඹ නගරයට මිලිමීටර් 129ක වර්ෂාපතනයක් ලැබී ඇති බව ඇය සඳහන් කර තිබේ.
ඒ අනුව නගරයේ ජල බැසයාමේ පද්ධතියට දරාගත හැකි ලෙස සැලසුම් කර ඇති වර්ෂාපතන ධාරිතාවට වඩා සිව් ගුණයකටත් අධික වර්ෂාපතනයක් කෙටි කාලයක් තුළ ලැබීම හේතුවෙන් මෙලෙස ජල ගැලීම් තත්ත්වයක් ඇතිවීමට බලපා ඇති බව නගරාධිපතිනිය පෙන්වා දෙයි.
මේ අතර, කොළඹ නගරයේ ඇතිවී තිබෙන ජල ගැලීම් තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් ඊට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා අදාළ රාජ්‍ය ආයතන සහ බලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් නගරාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙමින් පවතී.
වර්ෂාපතනයේ තීව්‍රතාව ඉහළ යන පසුබිමක කොළඹ නගරයේ පවතින ජල බැසයාමේ පද්ධතියේ ධාරිතාව ඉහළ නැංවීම සහ අනාගතයේදී ඇතිවිය හැකි ගංවතුර අවදානම් අවම කිරීම සඳහා කඩිනම් හා දිගුකාලීන විසඳුම් අවශ්‍ය බව මෙම තත්ත්වය මගින් යළිත් අවධාරණය කෙරේ.

