අස්වැසුම දෙවරක් ගෙවීම ගැන පැහැදිලි කිරීමක්
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
අස්වැසුම දීමනා දෙවරක් ගෙවා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු සම්බන්ධයෙන් සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය නිල පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ.
එම මණ්ඩලය සඳහන් කළේ, සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර අප්‍රේල් මාසයේ අස්වැසුම දීමනා ප්‍රතිලාභීන් වෙත ලබාදීම අරමුණ වූ බවයි. ඒ අනුව පළමු හා දෙවන අදියර ප්‍රතිලාභීන්ට 2026 අප්‍රේල් 10 දින ගෙවීම් සිදු කර තිබේ.
මැද පෙරදිග යුදමය තත්ත්වයෙන් බලපෑමට ලක්වූ ජනතාවට විශේෂ සහන දීමනාවක් ලෙස අන්ත දුප්පත්, දුප්පත් සහ අවදානම් කාණ්ඩ සඳහා වෙන වෙනම මුදල් ගෙවීමටද සැලසුම් කර තිබුණි. කෙසේවෙතත්, පද්ධති සීමා හේතුවෙන් එම විශේෂ ගෙවීම් බාහිර Slip ගොනු මාර්ගයෙන් සිදු කර ඇති බව මණ්ඩලය පවසයි.
එහිදී Slip ගොනුවක් අහම්බෙන් දෙවරක් උඩුගත වීම හේතුවෙන් දුප්පත් කාණ්ඩයේ ඇතැම් ප්‍රතිලාභීන්ට ද්වීත්ව ගෙවීමක් සිදුව ඇති බව අනාවරණය වී තිබේ. මේ බව හඳුනාගත් වහාම අදාළ ගෙවීම් අත්හිටුවීමට සහ බැංකු වෙත මුදල් ආපසු බැර කරන ලෙස දැනුම් දී ඇත.
කෙසේ නමුත්, ගිණුම්වලින් මුදල් ලබාගෙන ඇති ප්‍රතිලාභීන් 49,759 දෙනෙකුගෙන් රුපියල් 248,795,000ක මුදල මැයි මාසයේ අස්වැසුම ගෙවීමෙන් අයකර ගැනීමට සැලසුම් කර ඇති අතර, මෙම සිදුවීමෙන් රජයට මූල්‍ය පාඩුවක් සිදුව නොමැති බවද සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය අවධාරණය කරයි.

