ආහාර ද්‍රව්‍ය කිහිපයක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කිරීමට අදාළ ගැසට් නිවේදනය නිල වශයෙන් නිකුත් කර තිබේ.

2027 අයවැය ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ, මෙම බදු සහන ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව, ආනයනික හාල්මැස්සන් කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ රුපියල් 100ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 10 දක්වාත්, උම්බලකඩ කිලෝග්‍රෑමයක් සඳහා පැවති රුපියල් 202ක බද්ද රුපියල් 10 දක්වාත් අඩු කර ඇත.

මීට අමතරව, කැබලි කළ සහ නොකළ වියළි මිරිස් කිලෝග්‍රෑමයක් මත පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 දක්වා පහත දමා තිබේ

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *