නොර්වුඩ් වත්තේදී මද්දකට හසුවූ කොටියෙකු වනජීවී නිලධාරීන් විසින් මුදාගනී

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

බගවන්තලාව වතු සමාගමට අයත්, නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආතඩ් වත්ත ප්‍රදේශයේදී මද්දකට හසුව සිටි කොටියෙකු වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන සාර්ථකව මුදාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජීවී කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් කඩිනමින් එම ස්ථානයට පැමිණ කොටියා මුදාගැනීමේ මෙහෙයුම ආරම්භ කර ඇත.

එහිදී කොටියා තවදුරටත් කලබලයට පත්වීම වැළැක්වීම සඳහා එම ස්ථානයට රැස්ව සිටි ජනතාව ඉවත් කිරීමට වනජීවී නිලධාරීන් පියවර ගෙන තිබේ.

පසුව රන්දෙනිගල පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍යවරයා ඇතුළු වනජීවී නිලධාරීන් එම ස්ථානයට පැමිණ මද්දට හසුව සිටි කොටියා ආරක්ෂිතව මුදාගෙන වැඩිදුර ප්‍රතිකාර සඳහා රන්දෙනිගල පශු වෛද්‍ය ඒකකය වෙත රැගෙන ගොස් ඇත.

මේ වන විට කොටියා සාමාන්‍ය පරිදි ආහාර ලබාගනිමින් සිටින බවත්, දින කිහිපයක් පශු වෛද්‍ය අධීක්ෂණය යටතේ රඳවා තබා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව නැවතත් උගේ ස්වාභාවික නිජබිම වෙත මුදාහැරීමට කටයුතු කරන බවත් රන්දෙනිගල ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරී අකලංක පිණිදිය මහතා ප්‍රකාශ කර තිබේ.

වනජීවී සම්පතක් වන ශ්‍රී ලංකා කොටියාගේ ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි සිදුවීම්වලදී වනජීවී නිලධාරීන්ට සහාය ලබාදීම මෙන්ම සතුන්ට හානි සිදුවිය හැකි මද්ද ඇටවීම වැනි ක්‍රියාවලින් වැළකී සිටීම ද අතිශය වැදගත් වේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *