ඉදිරි මාස කිහිපය තුළ ලෝකය පුරා දැවැන්ත ආහාර අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් අනතුරු අඟවයි.
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
ධාන්‍ය අපනයනයට එල්ල වී ඇති බාධා, පොහොර හිඟය සහ ප්‍රබල එල් නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම මෙයට ප්‍රධාන වශයෙන් හේතු විය හැකි බව ඔහු පෙන්වා දෙයි.
ගෝලීය අභියෝග පිළිබඳව අදහස් දක්වමින් ජයශංකර් සඳහන් කළේ, ප්‍රධාන වශයෙන් ධාන්‍ය අපනයනය කරන ඇතැම් රටවලට, විශේෂයෙන්ම කළු මුහුද කලාපය ඔස්සේ සිය සැපයුම් ප්‍රවාහනය කිරීමේදී බාධාවන්ට මුහුණ දීමට සිදුවිය හැකි බවයි. එමගින් ගෝලීය ආහාර සැපයුම කෙරෙහි තවදුරටත් දැඩි පීඩනයක් එල්ල වන බවද ඔහු පැවසීය.
එමෙන්ම, පොහොර සැපයුම සම්බන්ධයෙන් මතුවෙමින් පවතින ගැටලු පිළිබඳවද අවධානය යොමු කළ අමාත්‍යවරයා, රුසියාව සහ මැදපෙරදිග රටවල් ඇතුළු ප්‍රධාන පොහොර නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන කටයුතුවලටද බලපෑම් එල්ල වී ඇති බව සඳහන් කළේය.
බලශක්තිය, ආහාර, පොහොර සහ මූල්‍ය අංශයන් හි එකවර මතුවන මෙම පීඩනයන්හි එකතුව හේතුවෙන්, ලොව පුරා බොහෝ රටවලට දැඩි පීඩනකාරී වාතාවරණයකට මුහුණ දීමට සිදුවනු ඇති බවටද අමාත්‍යවරයා වැඩිදුරටත් අනතුරු ඇඟවීය.
වෙනත් රටවලට සිදුවන අහිතකර බලපෑම් චේතනාන්විතව සිදු වූවක්ද නැද්ද යන්න නොසලකා, ප්‍රධාන බලවත් රටවල ප්‍රතිපත්ති සම්පාදකයින් තමන් ගන්නා තීරණවල ජාත්‍යන්තර ප්‍රතිවිපාක පිළිබඳව වගකීමෙන් යුතුව සිතා බැලිය යුතු බවද ඉන්දීය විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේය.
විශේෂයෙන්ම ගෝලීය ආර්ථික හා භූ-දේශපාලනික අවිනිශ්චිතතාවයන් පවතින මෙවැනි කාලවකවානුවක, ආණ්ඩුවල තීරණ වෙනත් රටවලට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව ස්වකීය දේශීය කරුණුවලින් ඔබ්බට ගොස් ඇගයීමක් කළ යුතු බව ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය

