එකම වංගුවේ යතුරුපැදි අනතුරු දෙකක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

ලොරියේ රෝදයට යට නොවී යතුරුපැදිකරු අනූනවයෙන් බේරෙයි.

සීසීටීවී කැමරාවේ සටහන් වූ අනතුරු දර්ශන

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම ප්‍රදේශයේ එකම ස්ථානයකදී යතුරුපැදි අනතුරු දෙකක් සිදුව ඇති අතර, එම අනතුරු දෙකම ආසන්නයේ සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී තිබේ.

ඉන් පළමු අනතුර ඊයේ (08) පස්වරු 1.00ට පමණ සිදුව ඇති අතර, හැටන් සිට කොටගල දක්වා ධාවනය වූ යතුරුපැදියක් කුඩාගම ප්‍රදේශයේ පිහිටි තියුණු වංගුවේදී වේගය පාලනය කරගත නොහැකිව ලිස්සා ගොස් පෙරළී තිබේ. එම අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා ඇත.

දෙවැනි අනතුර එදිනම පස්වරු 3.30ට පමණ සිදුව ඇති අතර, කොටගල සිට මස්කෙළිය දක්වා ධාවනය වූ යතුරුපැදියක් ද එම ස්ථානයේදීම ලිස්සා ගොස් පෙරළී තිබේ.

එහිදී යතුරුපැදිය ඉදිරියෙන් පැමිණි ලොරි රථයක් අසලටම ලිස්සා ගොස් පෙරළී ඇති අතර, ලොරි රථයේ රෝදවලට යටවීමෙන් සිදුවීමට තිබූ බරපතළ අනතුරකින් යතුරුපැදිකරු අනූනවයෙන් දිවි ගලවාගෙන තිබේ. එම අනතුරින් ඔහුට සුළු තුවාල සිදුව ඇත.

එකම ස්ථානයේ කෙටි කාල පරතරයක් තුළ මෙලෙස අනතුරු දෙකක් සිදුවීම පිළිබඳව අවධානය යොමු කරමින්, ඉදිරියේදී තවත් ජීවිත අනතුරට ලක්වීම වැළැක්වීම සඳහා අදාළ බලධාරීන් කඩිනම් පියවර ගත යුතු බව ප්‍රදේශවාසීහු පවසති.

අනතුරු නිතර සිදුවන මෙම ස්ථානයේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස ද ඔවුහු වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *