එක්සත් රාජධානිය වෙත තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන සරල කරමින්, බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව විසින් නව වෙළෙඳ පැකේජයක් හඳුන්වා දී තිබෙනවා.
මේ හරහා ශ්‍රී ලංකාව, නයිජීරියාව සහ පිලිපීනය වැනි රටවලින් එක්සත් රාජධානිය වෙත ආනයනය කෙරෙන බොහෝ භාණ්ඩ, තීරුබදු රහිතව ආනයනය කිරීමට අවස්ථාව සැලසෙන බවයි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ.
ඒ අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ යෝජනා මෙම නව ක්‍රමයට යාවත්කාලීන කිරීමේ කොටසක් ලෙස, එක්සත් රාජධානියේ ව්‍යාපාර සහ පාරිභෝගිකයින්ට වඩාත් තරගකාරී මිල ගණන් යටතේ ආනයනවලින් ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බවයි සඳහන් වන්නේ.
2026 වසරේ මුල් භාගයේදී මෙය ක්‍රියාත්මක වනු ඇති බවයි වැඩිදුරටත පවසන්නෙ

