කන්ටේනර් රථයට ගිනි තැබූ සැකකරුවන් තිදෙනා අගෝස්තු 03 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මීගමුව–මිනුවන්ගොඩ බොලවලාන ප්‍රදේශයේදී සිදුවූ මාරක රිය අනතුරෙන් අනතුරුව කන්ටේනර් රථයකට ගිනි තබා අලාභ හානි කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අගෝස්තු 03 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද (31) නියෝග කළාය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 20, 25 සහ 26 වන මීගමුව දාගොන්න හා කිඹුලපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි.

මෙම සිද්ධියට පෙර, මාර්ගය හරහා හැරවීමට උත්සාහ කරමින් තිබූ කන්ටේනර් රථයක ගැටුණු යතුරුපැදියක ගමන් කළ තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබූ අතර, එහිදී කන්ටේනර් රථයට ගිනි තබා විනාශ කළ බවට චෝදනා එල්ල වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනා ගැනීම සඳහා කන්ටේනර් රථයේ රියදුරු සහ සහායකයා හඳුනාගැනීමේ පෙරට්ටුවකට කැඳවීමට හැකි බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව සැකකරුවන් ලබන අගෝස්තු 03 වනදා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසත්, එදින දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

Spread the love

One thought on “කන්ටේනර් රථයට ගිනි තැබූ සැකකරුවන් තිදෙනා අගෝස්තු 03 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *