කන්ද උඩරට තරුණ තරුණියන්ගේ කොරියානු රැකියා සිහිනය සැබෑ කරන්න නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙ මූලිකත්වයෙන් දකුණු කොරියානු සෙමාවුල් පදනමේ සහයෝගීතාවයෙන් තෙවන වරටත් දරුවන් 140කට විධිමත් හා සවිමත් අත්තිවාරමක් .
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදී ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොරියානු රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ගේ භාශා දැනුම වර්ධනය කිරීම අරමුණු කරගෙන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ දකුණු කොරියාවේ Gyeongsangbuk-do පලාත් සභාව සහ සෙමාවුල් පදනමේ මූල්‍යමය දායකත්වයෙන් අඛණ්ඩව තුන්වන වරටත් සිසුන් 140 කට මෙම වසරේ පැවත්වීමට නියමිත නොමිලේ කොරියානූ භාශා පාඨමාලාවේ සමාරම්භක උළෙල 2026.05.06 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවත්විණි.
මෙම වැඩසටහන නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලීකා කවිසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් ධනංසූරිය මහතාගේ හා සෙමාවුල් පදනමේ අධ්‍යක්ශක චෝ ජුන් හ්යොන්ග් (Mr. Cho Jun Hyeong) ව්‍යාපෘති කළමනාකරු විරාජ් සම්පත් සහ ප්‍රධාන කොරියානු භාෂා උපදේශක එස්.ජගන්ත් නාදන් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණ ,
මෙම භාෂා පුහුණු පාඨමාලාව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ව්‍යාපෘතියකට අනුව සිදු කරනු ලබන අතර මෙයට පෙර වසර දෙක තුළ කණ්ඩායම් දෙකක් සඳහා නොමිලේ පාඨමාලාව සාර්ථකව පවත්වා නිම් ක්ර ඇති අතර මෙවර 2026 කණ්ඩායම තුන්වන කණ්ඩායම වශයෙන් මෙම පාඨමාලාව හදාරනු ලබයි ,
මෙම කොරියානු භාෂා පාඨමාලාව සදහා කොරියාවේ ග්යොන්සන්බුක් දො (Gyeongsangbuk-do) පලාත් සභාව සහ සේමාවුල් පදනම විසින් සම්පූර්ණ මූල්‍ය පිරිවැය දරන අතර සමාරම්භක උලෙළේදී දරුවන්ට පාඨමාලාවට අදාල සියලුම මාර්ගෝපදේශක පොත් සහ අනෙකුත් අධ්‍යයන උපකරණ නොමිලේ ලබාදෙනු ලැබිණි.
තවද පසුගිය වසර ඊ.පී.එස්.ටොපික් භාෂා විභාගයේ (EPS TOPIK EXAM) තුළින් ඉහල සාමාර්ථ පසුගිය වසර දෙක තුළ මෙම ව්‍යාපෘතිය මගින් කොරියානු භාෂාව අධ්‍යාපනය ලැබූ තරුණ තරුණියන් ලබාගෙන තිබුණු අතර එම දරුවන්ද ඇගයීමට ලක් කිරීම මෙහිදීී සිදුවිය ,
නුවරඑළිය එක තුළ ක්‍රියාත්මක සේමාවුල් ව්‍යාපෘතිය තුළින් කොරියානු භාශා පුහුණු වැඩසටහනට අමතරව කාන්තාවන් මූලික කරගනිමින් මැහුම් ව්‍යාපෘතියක් හා එළවළු ව්‍යාපෘතියක් මෙන්ම වැඩිහිටියන් උදෙසා තව ව්‍යාපෘතියක්ද පාසල් දරුවන් උදෙසා ස්මාට් ක්ලාස් රූම් (smart class room) ව්‍යාපෘතියක් ද මූලිකව පවත්වනු ලබයි.
එයට අමතරව ඉදිරි වසර වලදීද ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය උදෙසා ව්‍යාපෘති රැසක් සිදුකිරීමට ද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමඟ එක්ව සේමාවුල් පදනම දියත් කිරීමට බලපොරොත්තු වේ.

