කාදිනල්තුමා රවී ශානි ගේන්න කීවේ නෑ– සිරිල් ගාමිණී පියතුමා BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

රාජ්‍ය පාලනයට කාදිනල් හිමියන් හෝ කතෝලික සභාව මැදිහත් නොවන අතර ඉල්ලා සිටින්නේ පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන සාධාරණව සිදුකිරීම බව යැයි කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.

හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් නිර්දේශ ක්‍රියාත්මක කළ පරිද්දෙන් චෝදනා ලබා සිටින සෙසු පුද්ගලයින් සඳහා ද එම නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුව ඇති බව පියතුමා අවධාරණය කරයි.

ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න යන නිලධාරීන් පත් කිරීම ගැන ජනාධිපතිවරයාගෙන් හෝ වෙනත් පාර්ශ්වයකගෙන් කාදිනල් හිමියන් කිසිදු ඉල්ලීමක් කර නොමැති බවත් නිලන්ත ජයවර්ධනට මරණ දඬුවම ඉල්ලා සිටීම ජූඩ් ප්‍රනාන්දු පියතුමාගේ පෞද්ගලික මතය මිස කතෝලික සභාවේ මතය නොවන බවත් සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශ කරයි.

සිරිල් ගාමිණී පියතුමා මේ බව සඳහන් කළේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවේදීය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *