කෝටි එකහමාරකට ආසන්න දුම්වැටි රැගෙන ආ චීන ජාතික ව්‍යාපාරිකයින් 06 ක් දැලේ.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

මෙරටට පැමිණ කටුනායක බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ හරිත මාර්ගය ඔස්සේ ගමන් කළ  චීන ජාතිකයන් 06 දෙනෙකු පරීක්ෂා කළ ගුවන් තොටුපළ නිලධාරීන් හා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකක නිලධාරීන් විසින් ඔවුන් විසින් මෙරටට රැගෙන ඒමට තැත් කළ රුපියල් කෝටි එකකට අධික දුම්වැටි 75900 ක් අත්අඩංගුවට ගැනීමට ඉකුත් දා (15) රාත්‍රියේ සමත් විය.

චීනයේ සිට ගුවන් මගින් පැමිණි මොවුන් ව්‍යාපාරිකයන් වන අතර ඔවුන් රැගෙන ආ පසුපස ඇසුරුම් බෑග් තුල හා ගමන් මලු තුල රහසිගතව මෙම දුම්වැටි රැගෙන විත් ඇත.

මේ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් වැඩි දුර විමර්ශන සිදු කරනු ලබයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *