රුපියල් මිලියන 12 කට අධික කොකේන් කැප්සියුල ගෙනා උගන්ඩා කත අත්අඩංගුවේ.
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
ශ්‍රී ලංකාවට නීති විරෝධී මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැළැක්වීමේ කටයුතු අතරතුර, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ (NCU) නිලධාරීන් විසින් ඉකුත්දා (12) උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී විදේශීය කාන්තාවක් විසින් සිදු කිරීමට උත්සාහ කළ මහා පරිමාණ කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරම් උත්සාහයක් සාර්ථකව වළක්වා ගැනීමට සමත් වී ඇත.
මෙම සිද්ධියට අදාළ සැකකාරිය වන්නේ වයස අවුරුදු 47ක් වූ උගන්ඩා ජාතික කාන්තාවකි. ඇය උගන්ඩාවේ සිට දෝහා හරහා කටාර් එයාර්වේස් ගුවන් සේවයේ QR664 ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී, බුද්ධි තොරතුරු හා අවදානම් විශ්ලේෂණය මත තෝරා ගනිමින් පූර්ණ වශයෙන විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇත.
එහිදී සැකකාරියගේ ඇඳුම් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවාගෙන තිබූ කොකේන් කැප්සියුල් 21ක් සොයාගෙන ඇති අතර, ඒවායේ මුළු බර ග්‍රෑම් 274ක් පමණ වේ. මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 12.33ක් පමණ වන බව ඇස්තමේන්තු කර ඇත.
තවද, සැකකාරිය විසින් සිය ශරීරය තුල (internal concealment) තවත් මත්ද්‍රව්‍ය කැප්සියුල් ගිලගෙන ඇති බවට ද දැඩි සැකයක් පවතින අතර, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය වෛද්‍ය හා නීතිමය ක්‍රියාමාර්ග මේ වන විට ගෙන යමින් පවතී.
අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සොයාගත් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි පරීක්ෂණ, නීතිමය ක්‍රියාමාර්ග හා නඩු පැවරීම් සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය වෙත භාර දී ඇත.
මෙම සාර්ථක මෙහෙයුම ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ඉහළ අවධානය, කාර්යක්ෂම මෙහෙයුම් හැකියාවන් සහ බුද්ධි තොරතුරු පදනම් කරගත් නීති ක්‍රියාත්මක කිරීමේ ශක්තිය පැහැදිලිව ප්‍රදර්ශනය කරයි.
ශ්‍රී ලංකාව නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ගමන් මධ්‍යස්ථානයක් හෝ ගමනාන්තයක් වීම වැළැක්වීම සඳහා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාල කඩාබිඳ දැමීමට අදාළ සියලුම පියවර ගනු ලබන බවත්, එවැනි අපරාධ වලට එරෙහිව දැඩිව ක්‍රියා කරන බවත් අදාළ අධිකාරීන් විසින් නැවතත් අවධාරණය කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලාශ්‍රය, ඉලක්කගත බෙදාහැරීමේ ජාලය සහ සම්බන්ධ වෙනත් දේශීය හෝ ජාත්‍යන්තර පුද්ගලයන් පිළිබඳව වැඩිදුර විමර්ශන මේ වන විටත් ක්‍රියාත්මක වේ.

