“දිට්වා” ආපදාවෙන් විපතට පත් සෙබළුන් සදහා රුපියල් මිලියන 26 ක සහන වවුචර් පිරිනැමේ.
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
“දිට්වා”සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ චිත්ත ධෛර්යය හා ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීම උදෙසා සිංහල දමිළ අලුත් අවුරුද්දට සමගාමීව සහන සැලසීමේ අරමුණින් රුපියල් මිලියන 26කට අධික වටිනාකමකින් යුත් සහන වවුචර්පත් බෙදාදීමේ විශේෂ වැඩසටහනක් යුද්ධ හමුදා මූලස්ථානයේදී පසුගියදා පැවැත්විණි.
මෙහිදී ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගු මහතා විසින් “දිට්වා” සුළි කුණාටුවෙන් පීඩාවට පත් හමුදා සාමාජිකයින් 1,933 දෙනෙකු වෙත එක් අයෙකු සදහා රුපියල් 15,000ක වටිනාකමින් යුතු වවුචර්පතක් බැගින් ප්රදානය කිරීම සිදු විය.
මේ සඳහා වැය වන සම්පූර්ණ මූල්‍යමය දායකත්වය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුභසාධක ගිණුම වෙතින් ලබා දී ඇත.
යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා විසින් යුද්ධ හමුදා සාමාජිකයකු හට වවුචර් පත් ප්රදානය කිරීම ඡායාරූපයෙන් දැක්වේ.

