දිත්වාවෙන් ගිලා බැසුණු පාලම පිළිසකර නොකෙරූ නිසා නුවරඑළිය බස් නැවතුම්පොළ ගිලා බැසියි
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදී ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
බස් රථයක් ඇලට පෙරලී අනතුරේ – කඩිනමින් පාලම හදලා දෙනවා නගරාධිපතිගෙන් පිළිතුරක් .
පසුගිය වසරේ අග භාගයේ ඇතිවූ දිත්වා සුළි කුනාටුව හේතුවෙන් නුවරඑළිය නගරයේ සිදුවූ එකම ආපදා තත්වය වශයෙන් සැලකෙන බස් නැවතුම්පලේ පාලම හා පැති බැම්ම කඩා වැටුනු ස්ථානයට යාබදව නවතා තිබුණු මගී බස් රථයක් පොළොව ගිලාබෑමෙන් තලගල ඔයට පෙරළී ගොස් ඇත ,
මෙම සිදුවීම අද (08) උදෑසන 07.00ට පමණ සිදුවී ඇති අතර මෙයින් පුද්ගලයන් කිසිවෙකුට හානි සිදුවී නොමැති නමුත් බස් රථයට හානි වීමක් දක්නට ලැබින ,
මෙම අනතුර පිළිබඳව අදහස් දැක්වූ නුවරඑළිය පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති රම්‍ය සුදත් ගඩල්ලගේ මහතා කියා සිටියේ ද්විත්වාවෙන් හානියට පත් වූ පැතිබැම්ම සහ පාලම නිසියාකාරව සැකසීමට නුවරඑළිය මහ නගර සභාව ඇතුළු බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් මෙම අනතුර සිදුවූූ බවයි ,
වැඩිදුර අදහස් දැක්වූ ඔහු මෙසේද කීය ,
ද්විත්වා සුළි කුනාටුවෙන් පාලම හා පැතිබැම්ම කැඩිලා දැනට මාස හයකටත් වැඩියි,
දෛනිකව එම පාලමෙන් ගමන් කරන මගින් හා පාසල් දරුවන් සංඛ්‍යාව හත්දාහක් දහදාහක් හතර වනවා ,
සමහර දිනවලට එය දහදාහක් පහළොස් දාහක් අතරත් වෙන අවස්ථාවල් තියෙනවා ,
පාලම කඩා වැටුමු නිසා තාවකාලිකව වටින් ගිහිල්ලා යන්න මාර්ගයක් යෙදුවත් ඒ මාර්ගයේ අනාරක්ෂිත මාර්ගයක් ,
එම අනාරක්ෂිත මාර්ගයේ ගමන් කිරීමෙන් පාසල් දරුවන් ගැබිණි මව්වරුන් වැඩිහිටියන් දැඩි ලෙස අපහසුතාවයට පත් වෙනවා අපිට දකින්න තිබෙනවා ,
බස් නවත්වන්නේ පැති බැම්ම කඩාගෙන ගිය තැනින් වෙන බස් නවත්තන්න අපිට තැනක් නැහැ ,
තමන්ගෙ ගමන් වාරේ එනකන් ඒ විදිහට නවත්තල තිබ්බ බස් රථයක් තමයි අද පොළොව ගිලා බැහැලා ඇළට වැටුනේ ,
මාස ගානක් තිස්සේ විවිධ ආයතනවලින් ඇවිල්ල බලල ගියාට අද වෙනකම් මේ පාලම හා පැති බැම්ම හදන්න කිසිදු ආයතනයක් මැදිහත් වුණේ නැහැ ,
ආයතනින් ආයතනයට බෝලේ පාස් කරනවා හැරෙන්න වගකීම් බාරගත්ත ආයතනයකුත් නෑ.
වග කිව යුතු බලධාරින්නේ අපි ඉල්ලනවා දැන්වත් මේ දිත්වාවෙන් කඩා වැටුණු පාලම සහ පැති බැම්ම හදන්න කටයුතු කරන්න කියලා ,
නුවරඑළිය පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයෙන් එල්ල වන චෝදනාවව පිළිබඳව අනතුර සිදුවූ ස්ථානයේ නිරීක්ෂණය සඳහා සහභාගී වූ නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර මහතාගෙන් අප සිදු කළ විමසුමකට ඔහු කියා සිටියේ පස් නැවතුම්පොළේ පාලම පිරිසකර කිරීමට සියලු වැඩ කටයුතු මේ වන විට සූදානම් අතර ඉදිරි සති කිහිපය තුළ පාලම හා පැති බැම්ම විධිමත් ලෙස සකසා මහජන භාවිතයට විවෘත කරවීමට කටයුතු කරන බවයි .


