නුවරඑළිය නගරයේ සියලුම පදික වෙලදාම් අද (09) සිට නාගරික කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

ආදායම් පරීක්ෂක අරහා ඉවත් කිරීමට නුවරඑළිය නගරාධිපතිගෙන් මහ සභාවේදී උපදෙස් .

පසුගිය කාල සීමා වලදී ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ අක් අංගයක් වශයෙන් රට පුරා මහා මර්ග දෙපස අනවසර සියලු වෙළදාම් ඉවත් කල පසු බිමක නුවරඑළිය නගරාධිපතිවරයාගේ අත්සනින් විෂේශ අවසරයක් ලබා දී තිබූ නමුත් එම අවසරය අද (09) දින සිට ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවන බව නගරාධිපති උපාලි වනිගසේකර මහතා මහ සභාව අමතා ප්‍රකාශ කලේය ,

වැඩිදුර අදහස් දැක්වූ නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර ,

මහජනතාවට සෙතක් සලසමින් නුවරඑළිය පොලිස් ස්ථානයට යාබදව ඉන්දන පිරවුම් හල අදිපිට පදික වෙලදාම සිදු කරන්න සහන කාලයක් ලබා දුන්නා ,

ඒ සහන කාලය හරි විදිහට එයාලා භාවිතා කලේ නෑ නොයෙකුත් හැල හැප්පීම් ගැටලු රාශියක් මතු උනා ,

ඒ දේවල්ද අවධානයට ලක් කරමින් පෙර පරිදි අනවසර වීදි හා පදික වෙළදාම් සියල්ල කොමසාරිස් වරයාගේ මූලිකත්වයෙන් නාගරික ආදායම් පරීක්ෂකවරුන් අරහා පදික වෙළදාම් සියල්ල ඉවත් කරන්න කිසිදු භාදාවකින් තොරව සිදු කරන ලෙස නගරාධිපතිවරයා පැවසීය .

එම යෝජනාවට සියලු පක්ෂ නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරුන් ඔර්වරසන් සභා දී නගරාධිපතිවරයාගේ යෝජනාව පිළිගැනීමක්ද මහ සභාවේදී අවධානයට ලක් විය.

මෙලෙස පදික වේදිකා වෙළදාම් ඉවත් කිරීමෙන් අගතියට පත් වන වෙළදුන් වෙනුවෙන් ඉදිරියේදී සුදුසු තැනක් ලබා දීමට හෝ සුදුසු ක්‍රියාමාර්ගයක් ලබා ගැනීමට කටයුතු කල යුතු බව නියෝජ්‍ය නගරාධිපති සිවන්ජෝති යෝගරාජා මහතා මෙහිදී මහ සභාවට යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබීය .

එහිදී වැඩිදුර අදහස් දැක්වූ නුවරඑළිය මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී මොහොමඩ් නවාස් මහතා කියා සිටියේ වෙළඳාම් ඉවත් කරනවා වගේම වෙළඳසැල් හිමියන් පදිකියන්ට ගමන් කිරීමට වෙන්කර ඇති ඉඩම් වලද අනවසරයෙන් වෙළඳාම් කටයුතු සිදු කරන අතර අනවසර ඉදිකිරීම් ද සිදුකර ඇතිබැවින් ගැනද අවධානය යොමු කොට එම වෙළඳාම් කටයුතු හා ඉදිකිරීම් වහාම ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි .

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *