නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කෙරේ
www.bbcmirror.lk
www.Lankawebnews.lk
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කර ඇත.
ඒ අනුව, මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ සහ මහාධිකරණ විනිසුරු එච් එම් ආර් එම් තිලකරත්න එලෙස අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ දිවුරුම් දී තිබේ.
දැනට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණ විනිසුරු ධුර දෙකක් වෙනුවෙන් අදාළ පත්වීම් සිදු කර ඇත.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ද එම අවස්ථාවට එක්ව සිටියේය

