නව රාජ්‍ය තාන්ත්‍රිකයින් පස්දෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාරදෙයි

 

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාරදෙනු ලැබුවා.

අද දින අක්තපත්‍ර භාර දුන් නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පහත පරිදි වේ.

කොළඹ සිටින කැනඩා මහකොමසාරිස් ඉසබෙල් මාරි කැතරින් මාටින් මහත්මිය

කොළඹ සිටින නෙදර්ලන්ත රාජධානියේ තානාපති වීබේ ජැකෝබ් ඩි බෝයර් මහතා

කොළඹ සිටින ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ජෝන් ඩක්වර්ත් මහතා

නවදිල්ලියේ සිටින ඇල්ජීරියානු මහජන ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ තානාපති ඇබ්ඩනෝර් හොලිෆි මහතා

නවදිල්ලියේ සිටින අයිස්ලන්ත ජනරජයේ තානාපති බෙනඩික්ට් හස්කුල්ඩ්සන් මහතා

මෙම රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිස උණුසුම් ලෙස පිළිගත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔවුන් වෙත සිය සුබ පැතුම් එක්කලේය

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *