නිත්තමලුව කන්ද ලැව් ගින්න නිවා දැමීමට යුද්ධ හමුදා සහාය.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

වැල්ලවාය කොටිකම්බොක්ක නිත්තමලුව කන්ද ආශ්‍රිත රක්ෂිත ප්‍රදේශයක පසුගියදා හටගත් ලැව් ගින්නක් මැඩපැවැත්වීම සඳහා වන සංරක්ෂණ නිලධාරීන්ගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භට පිරිස් කඩිනමින් මැදිහත් වූහ.

ඒ අනුව 44 දෙනෙකුගෙන් සමන්විත යුද්ධ හමුදා කණ්ඩායමක් එම ස්ථානය වෙත කඩිනමින් යොමු කෙරුණු අතර, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව ගින්න තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා ගිනි නිවීමේ මෙහෙයුම් ආරම්භ කරන ලදී.

යුද්ධ හමුදා භට පිරිස් සහ වන සංරක්ෂණ නිලධාරීන්ගේ ඒකාබද්ධ මැදිහත්වීමෙන් ලැව් ගින්න සාර්ථකව මැඩපැවැත්වීමට හැකි විය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *