නීතිවිරෝධී ධීවර කටයුතු මැඩලීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් 2025/02/17පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

www.bbcmirror.lk    www.Lankawebnews.lk මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

අමාත්‍ය හර්ෂණ නානායක්කාර, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේගේ සභාපතිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

මේ සම්බන්ධයෙන් දැනට පවතින සාකච්ඡාවල අඛණ්ඩ පියවරක් ලෙස මෙම විශේෂ සාකච්ඡාව ක්‍රියාත්මක කෙරිණ.

නීතිවිරෝධී, වාර්තා නොවන සහ අවිධිමත් ධීවර කටයුතු මෙන්ම, ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ සිදුවන අනෙකුත් නීතිවිරෝධී ක්‍රියා ඵලදායි ලෙස වැළැක්වීම සඳහා ගත යුතු ඉදිරි පියවර, නීතිය ක්‍රියාත්මක කිරීම සහ අන්තර් ආයතනික සහයෝගීතාවය ඉහළ නැංවීම පිළිබඳව මෙහිදී මුලික අවධානය යොමු කෙරිණි.

දේශීය හා විදේශීය ධීවර යාත්‍රා මගින් සිදු කරන නීති විරෝධී මසුන් ඇල්ලීම, Bottom trawling දැල් භාවිතය, ගුවන් විදුලි සංඛ්‍යාතඅනවසරයෙන් භාවිතා කිරීම සහ ධීවර කටයුතු මුවාවෙන් සිදු කරන විවිධ ජාවාරම් වැනි නීති විරෝධී ක්‍රියාකාරකම් මෙහිදී සාකච්ඡා වූ ප්‍රධාන කරුණු අතර විය.

නීතිවිරෝධී ධීවර කටයුතු සහ කිමිදුම් කටයුතු වල නිරත වීම සඳහා තම යාත්‍රා නිරීක්‍ෂණ පද්ධති (Vessel Monitoring Systems) හිතාමතාම අක්‍රීය කරන දේශීය යාත්‍රාවල ධීවර බලපත්‍ර අත්හිටු වීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු විය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් පනවා ඇති නීතිරීති උල්ලංඝනය කිරීම් වැළැක්වීමට සහ ශ්‍රී ලංකාවේ සාගර පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම සඳහා ශක්තිමත් ඉදිරි පියවර ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද මෙහිදී පෙන්වා දෙන ලදි.

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com   https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?mode=gi_c  https://youtube.com/@bbcmirror?si=gUipLaxS2au3wav-  https://www.instagram.com/bbcmirror_media_?igsh=MW5seTc0eW1yYmVsNw%3D%3D&utm_source=qr

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *