පර්යේෂණ සඳහා ආචාර ධර්ම පද්ධතියක් අත්‍යවශයයි. – විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන
පර්යේෂණ සඳහා ආචාර ධර්ම පද්ධතියක් අත්‍යවශ්‍ය බවත් ජනතාවගේ අයිතිවාසිකම් රැක ගැනීමට විශේෂයෙන් එය ඉවහල් වන බවත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන පැවසීය. ඹහු මේ බව ප්‍රකාශ කළේ 2025 ජාතික විද්‍යා සතිය වෙනුවෙන්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, සෞඛ්‍ය හා සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය (IRD) සමඟ එක්ව සංවිධාන කළ, “ආචාර ධර්ම, පාලනය සහ පර්යේෂණ අඛණ්ඩතාව: විද්‍යාත්මක පර්යේෂණයේ මූලික අංගයකි” තේමා කරගත් විශේෂ වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.
එහි දී වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
“තවම අපේ රටේ පර්යේෂණ වෙනුවෙන් වූ අචාර ධර්ම පිළිබඳව නීතිමය රාමුවක් නැහැ. නමුත් ජනතා අයිතිවාසිකම් පැත්තෙන් එය අත්‍යවශ්‍යයි. නවීන විද්‍යා හා තාක්ෂණ දියුණුවත් සමග බිහිවන ජාන විද්‍යාව, කෘත්‍රිම බුද්ධිය සහ දත්ත විද්‍යාව වැනි නව ප්‍රවණාතා සමග වග කිවයුතු ලෙස ආචාර ධර්ම පද්ධති යාවත්කාලීන විය යුතුයි. ජනතාවගේ පෞද්ගලිකත්වය ඇතුළු අයතිවාසිකම් රැකගැනීමට මෙය ඉතා වැදගත් වෙනවා. සැලකිලිමත් නොවීම හේතුවෙන් සිදුවන ආචාර ධර්ම කඩවීම වැලැක්වීමට විශේෂ අවධානය යොමු විය යුතුයි. ඒ නිසා අප අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ආචාර ධර්ම පිළිබඳව ලංකාවටම අදාළ වන විදියට ඹ්නෑම ක්ෂේත්‍රයක පර්යේෂණ වෙනුවෙන් ආචාර ධර්ම කමිටුවක් ස්ථාපිත කර තිබෙනවා. කැබිනට් අනුමැතිය සහිතව පත්කළ මෙම කමිටුව වැදගත් ආචාර ධර්ම පද්ධති ප්‍රවර්ධනයට කටයුතු කරනවා.”
මෙම වැඩසටහන තුළින්, තිරසර විද්‍යාත්මක දියුණුවේ මූලික අංගයක් ලෙස සදාචාරාත්මක සහ වගකිවයුතු පර්යේෂණ භාවිතයන් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කෙරිණි. විශේෂයෙන් කෘතිම බුද්ධිය, ජාන විද්‍යාව සහ දත්ත විද්‍යාව වැනි නැගී එන තාක්ෂණයන්හි සන්දර්භය තුළ දී පර්යේෂණ ආචාර ධර්ම, පාලනය සහ අඛණ්ඩතාව පිළිබඳ තීරණාත්මක ගැටළු සාකච්ඡා කිරීම සඳහා ප්‍රමුඛ විශේෂඥයින්, පර්යේෂකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් එක්රැස් කිරීම මෙම වැඩසටහනේ වැදගත් කරුණක් විය.
මහාචාර්ය අතුල සුමතිපාල (විද්‍යාත්මක පර්යේෂණවල සුසමාදර්ශී මාරුව), විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ( සෞඛ්‍ය අංශයෙන් ඉගෙනුම්), මහාචාර්ය සිරිල් විජේසුන්දර (ජෛව විවිධත්ව සංරක්ෂණය පිළිබඳ ආචාර ධර්ම), මහාචාර්ය චාන්දනී වනිගතුංග (ආචාර ධර්ම සමාලෝචන කමිටු (ERCs): ක්‍රියාවලි සැලසුම් කිරීම සහ පුහුණු අවශ්‍යතා), ආචාර්ය බුද්ධික ප්‍රනාන්දු (AI, ජාන විද්‍යාව සහ දත්ත ආචාර ධර්මවල විද්‍යාත්මක හා දාර්ශනික පදනම), ආචාර්ය ආසිරි හේවාමලගේ (පර්යේෂණවල පාර්ශවකරුවන් සහ ප්‍රජාවන් සම්බන්ධ කර ගැනීම), ආචාර්ය ඔෂිනි ජයසිංහ මහත්මිය (පර්යේෂණ ප්‍රමුඛතා සැකසීම) යන විද්වතුන් මෙහිදී විශේෂ දේශන පැවැත්වූහ.
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් මොහොමඩ් නවවි මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, විද්‍යාඥයින් පර්යේෂණවේදීන් ඇතුළු පිරිසක් එක්විය.
නිත්‍ය සිල්වා
ගරු අමාත්‍යතුමන්ගේ මාධ්‍ය ලේකම්
BBCMirror.lk
CNNMirror.lk
asianewsplusone.com
sfmnewslk.com
#BBCNews #BreakingNews #WorldNews #CurrentEvents #NewsUpdate #BBCBreaking #GlobalNews #InformedCitizen #NewsToday #StayInformed
#BBCNews #BreakingNews #WorldNews #UKNews #CurrentEvents #NewsUpdate #BBCBreaking #NewsToday #GlobalNews #InformedCitizen #JournalismMatters #NewsCoverage #MediaWatch #FactCheck #NewsAnalysis #StayInformed #NewsFeed #TrendingNews #BBCWorld #NewsAlert #PoliticalNews #EconomyNews #ScienceNews #HealthNews #TechnologyNews #EnvironmentNews #SportsNews #CulturalNews #Opinion #Editorial #NewsDiscussion
#SFMNews #BreakingNews #LatestUpdates #SFMUpdates #NewsAlert #CurrentEvents #SFMCommunity #LocalNews #NewsToday #SFMHeadlines #InTheKnow #StayInformed #SFMReport #NewsCoverage #SFMInsights #TrendingNow #SFMStories #NewsRoundup #SFMEvents #SFMHighlights #NewsFeed #SFMJournalism #SFMUpdates #NewsBuzz #SFMPress #SFMWorld #SFMInfo #SFMNetwork #SFMConnect #SFMVoice
#CNNNews #BreakingNews #CurrentEvents #NewsUpdate #WorldNews #USNews #Politics #InternationalNews #NewsToday #HeadlineNews #CNNPolitics #NewsAlert #MediaCoverage #Journalism #NewsAnalysis #TrendingNews #NewsFeed #InTheKnow #StayInformed #Newsworthy #FactCheck #NewsRoom #LiveUpdates #NewsDiscussion #CNNReport #NewsCommunity #NewsHighlights #DailyNews #NewsBroadcast #CNNBreakingNews #NewsCoverage
#AsiaNews #AsiaUpdates #AsiaToday #AsiaInFocus #AsiaNewsPlus #CurrentAsia #AsianHeadlines #AsiaReport #AsiaTrends #AsiaInsights #AsiaBreakingNews #AsiaNewsNetwork #AsiaCoverage #AsiaStories #AsiaEvents #AsiaPolitics #AsiaEconomy #AsiaCulture #AsiaLifestyle #AsiaTravel #AsiaSports #AsiaTechnology #AsiaBusiness #AsiaCommunity #AsiaVoices #AsiaDiversity #AsiaInnovation #AsiaEnvironment #AsiaHealth #AsiaEducation

