ප්‍රවෘත්ති නිවේදනය ශ්‍රී ලංකා සහ වියට්නාම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරුන් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක්.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයේ පුළුල් සහයෝගීතාවට එකඟතාව පළවේ…

ශ්‍රී ලංකා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සහ වියට්නාම රජයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වූ හයි ක්වාන් මහතා (Vu Hai Quan) අතර නිල හමුවක් කොළඹ හිල්ටන් හෝටලයේ දී ඊයේ දින (08) පැවැත්විණි. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සඳහා වසර 55ක් සැපීරීම වෙනුවෙන් සිදු වූ වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් (To Lam) මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව  මෙම ද්වීපාර්ශ්වික හමුව පැවැත්විණි.

දෙරටේ ජාතික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයේ දැනුම, පර්යේෂණ සහ තාක්ෂණික හැකියාවන් වර්ධනය කරමින් දෙරට අතර දිගුකාලීන සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා විෂය බාර අමාත්‍යාංශ වෙත වගකීම පැවරී තිබේ. ඒ් සඳහා ප්‍රථම වරට විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන සහයෝගීතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ වියට්නාම සමාජවාදී ජනරජයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදි. අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම ඉදිරියට  ක්‍රියාත්මක කිරීමේ මාර්ග සිතියම පිළිබඳව අන්න්‍යොන්‍ය අවබෝධය ගොඩනැගීම මෙම හමුවේ මූලික අරමුණ විය. ඒ පිළිබඳව දීර්ඝව මෙම හමුවේ දී අදහස් හුවමාරු කෙරිණි.

ඊට අමතරව උසස් තත්ත්වයේ මානව සම්පත් පුහුණුව සඳහා සහයෝගීතාවය ගොඩ නැංවීම, ඩිජිටල් තාක්ෂණ කර්මාන්තයේ සහයෝගීතාවය, ප්‍රමිති සහ තත්ත්ව යටිතල පහසුකම්, චන්ද්‍රිකා තාක්ෂණය, පිළිබඳ අත්දැකීම් බෙදා ගැනීම, කෘෂිකර්මාන්තය, කෘෂිකාර්මික නවීකරණය, සමුද්‍ර විද්‍යාව වැනි විෂයයන් හරහා දෙරටටම ප්‍රතිලාභ ලැබෙන පරිදි අත්දැකීම් බෙදා ගැනීම, දැනුම හුවමාරු කර ගැනීම සහ ධාරිතා සංවර්ධනය වෙනුවෙන් ඉදිරියේ දී අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කිරීමට මෙහි දී දෙපාර්ශ්වයේ එකඟතාව පළ කෙරිණි,

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා  පාර්ශ්වය වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් මොහොමඩ් නවවි මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, ආතර් සී. ක්ලාක් ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය යන ආයතනයන්හි ප්‍රධානීන්ද, වියට්නාම පාර්ශ්වය වෙනුවෙන් එරට ජාත්‍යන්තර සහයෝගිතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් Nguyen Thien Nghia, ජාත්‍යන්තර සහයෝගිතා නිලධාරී Dinh Phuong Thao  යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක් වූහ.

නිත්‍ය සිල්වා

ගරු විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමාගේ

මාධ්‍ය ලේකම්

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *