මඩකලපුව වන කොඩ්ඩයිමුනයි පාසැලට ගුවන් හමුදාවෙන් පරිගණක මධ්‍යස්ථානයක්.
www.bbcmirror.lk www.Lankawebnews.lk මාධ්‍යවේදීනි ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් බංදු එදිරිසිංහ මහතාගේ උපදෙස් පරිදි ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ආයතනය විසින් මඩකලපුව කොඩ්ඩයිමුනයි කණිෂ්ඨ පාසැලේ සිසුන් උදෙසා අංග සම්පූර්ණ පරිගණක මධ්‍යස්ථානයක් සකසා දීමට පසුගියදා පියවර ගෙන ඇත.
ඩෙස්ක්ටොප් පරිගණක 15 කින් හා එයට අවශ්‍ය යූපීඑස් උපකරණ අන්තර්ජාල පහසුකම් සහිතව වායුසමීකරණය කරන ලද මෙම මධ්‍යස්ථානය සදහා අවශ්‍ය පුටු හා මේස මඩකලපුව රොටරි සමාජය විසින් ලබා දී තිබුණි.
පරිගණක මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරාල් විද්‍යුත් හා තොරතුරු ඉංජිනේරු අසිත හෙට්ටිආරච්චි ගෘප් කපිතාන් චානක සූරියආරච්චි මඩකලපුව රොටරි සමාජයේ සාමාජිකයින් එම පාසැලේ විදුහල්පති ගුරු මහත්ම මහත්මීන් ඇතුළු සිසුන් හා දෙමාපියන් සහභාගී වූහ.

