මහ ඇමති ජොසප් විජේ මහතාගේන් ප්‍රබල තීරණයක් – මත්පැන් හල් 717ක් වසා දැමීමට නියෝගකරයි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

තමිල්නාඩුවේ මහ ඇමති විජේගෙන්, ප්‍රබල තීරණයක් – මත්පැන් හල් 717ක් වසා දැමීමට නියෝග

තමිල්නාඩුවේ නව මහ ඇමති ජෝසප් විජේ මහතා විසින් ප්‍රාන්තය පුරා පිහිටි රජයට අයත් (TASMAC) මත්පැන් අලෙවිසැල් 717ක් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට නියෝග කර තිබෙනවා.

ආගමික ස්ථාන, අධ්‍යාපන ආයතන සහ බස් නැවතුම්පොළවල සිට මීටර් 500ක සීමාවක් ඇතුළත පිහිටා ඇති මත්පැන් හල් මෙලෙස වසා දැමීමට නියමිතය.

රජය සඳහන් කරන පරිදි සති දෙකක් ඇතුළත මෙම කටයුතු අවසන් කළ යුතුය.

ජෝසප් විජේගේ ‘තමිළග වෙට්රි කසාගම්’ (TVK) පක්ෂය පසුගිය මැතිවරණයේදී ආසන 108ක් ජයග්‍රහණය කළ අතර, කොංග්‍රස් පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක සහාය ඇතිව රජය පිහිටුවීමට සමත් විය.

‘මතට ඇබ්බැහි වීම්වලින් තොර’ තමිල්නාඩුවක් බිහිකිරීම ඔහුගේ මැතිවරණ පොරොන්දුවකි.

මත්පැන් අලෙවිය තමිල්නාඩු ප්‍රාන්තයේ ආදායමෙන් විශාල කොටසකට හිමිකම් කියයි.

උදාහරණයක් ලෙස 2025 වසරේදී පමණක් TASMAC මත්පැන් අලෙවියෙන් රුපියල් කෝටි 48,000කට වැඩි ආදායමක් උපයා තිබේ.

පසුගිය වසරේදී TASMAC ආයතනය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය සහ ටෙන්ඩර් පටිපාටිවල අක්‍රමිකතා පිළිබඳව ඉන්දීය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ මණ්ඩලය (ED) දැඩි පරීක්ෂණ පවත්වා තිබුණි.

එහිදී රුපියල් කෝටි 1,000කට අධික ‘හිමිකම් නොදක්වන’ මුදල් ප්‍රමාණයක් සොයා ගත් බව ද එම ආයතනය පවසා තිබුණි.

මෙම පියවර නව මහ ඇමතිගේ පාලන සමයේ පළමු වැදගත් තීරණය ලෙස දේශපාලන විචාරකයින්ගේ අවධානයට ලක්ව තිබේ.

Spread the love

One thought on “මහ ඇමති ජොසප් විජේ මහතාගේන් ප්‍රබල තීරණයක් – මත්පැන් හල් 717ක් වසා දැමීමට නියෝගකරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *