මාලදිවයිනෙන් දින 90ක ON-ARRIVAL සංචාරක වීසා BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට යන මෙරට පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීමට මාලදිවයින් රජය තීරණය කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාලදිවයින් සංචාරයට සමගාමීව මෙම තීරණය ගෙන තිබෙන බවය.

ඒ අනුව මෙම වීසා බලපත්‍ර නිකුත් කිරීම ඊයේ සිට ක්‍රියාත්මකය.

එම වීසා ලබා ගැනීම සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයක් තිබීම සහ මාලදිවයිනේ රැඳී සිටින කාලය තුළ සිය වියදම් සඳහා ප්‍රමාණවත් මුදල් තමන් සන්තකයේ ඇති බවට සනාථ කිරීම පමණක් අවශ්‍ය වේ.

මාලදිවයින් ජනරජය සහ ශ්‍රී ලංකාව අතරවන වීසා පහසුකම් සැපයීම පිළිබඳ ගිවිසුමේ විධිවිධාන සහ මාලදිවයිනේ ආගමන නීති සහ රෙගුලාසිවලට යටත්ව දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව අරමුණු කර මෙම වීසා පහසුකම සපයන බව මාලදිවයින් රජය පවසයි

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *