මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු කල්පිටියේදී දැලේ.

 

www.bbcmirror.lk    www.Lankawebnews.lk මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

කල්පිටිය මොහොත්තුවාරම් මුහුදේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉකුත්දා (23) සිදු කළ විශේෂ මෙහෙයුමකදී වියළි මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 685 ක් ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් සමග අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරු අවුරුදු 34 ක් වයසැති කල්පිටිය ප්‍රදේශයේ පදිංචි කරුවකු බවට හදුනාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු කිරීම සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත බාරදී ඇත.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *