රිය අනතුරු වලකන්නට බස්නාහිර පළාත් පාසල් දරුවන් පෙළගැසෙයි…

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

” රිය අනතුරු නොමැති හෙටක් උදෙසා පාසලින් පෙළ ගැසෙමු ” යන්න තේමා කරගනිමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව වාර්ෂිකව පාසල් දරුවන් සඳහා පවත්වනු ලබන චිත්‍ර තරගයේ බස්නාහිර පළාත් තරග ඊයේ (07) කොළඹ 05, ලුම්බිණි විද්‍යාලයේදී පැවැත්විණි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ හා බස්නාහිර පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය ඇතිව සංවිධානය කල මෙම චිත්‍ර තරගයේ මූලික අරමුණ, පාසල් දරුවන්ගේ නිර්මාණශීලි හැකියාවන් වැඩි දියුණු කිරිම තුළින් මාර්ග ආරක්ෂාව පිළිබඳව  දැනුවත් කිරීමයි.

මෙම චිත්‍ර තරගය ශ්‍රේණි මට්ටමින් මූලික වටය පවත්වන ලදි. ඒ ඒ ශ්‍රේණිවලින් හොඳම චිත්‍ර ඉදිරිපත් කරනු ලබන සිසු දරු දැරියන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ  විනිශ්චයට අනුව අවසන් මහා තරඟය සඳහා තෝරා ගෙන ඇත. ඒ අනුවඅවසන් මහා තරඟය සඳහා සහභාගී වූ තරඟ කරුවන්ගේ සංඛ්‍යාව 200ක් විය.  තරගකරුවන් . 2026/03/07 වන දින උදෑසන 9.00 සිට ප.ව. 1.00  දක්වා සජීවී ව අවසන් තරගය සඳහා ඉදිරිපත් වූහ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ විනිශ්චය අනුව අවසන් මහා තරඟයේ ජයග්‍රහකයින් තෝරා පත්කරනු ලැබීය.

පළමු ශ්‍රේණිය සිට දොලොස්වන ශ්‍රේණිය දක්වා පළමු දෙවන හා තෙවන ජයග්‍රහකයින් සඳහා පාපැදි ප්‍රදානය කරනු ලැබූ අතර සහභාගි වූ අනෙකුත් තරඟකරුවන්  සඳහා සහතික පත් හා වව්චර් පත් ප්‍රදානයක් සිදුකරනු ලැබීය.

ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජේෂ්ඨ මහාචාර්ය කපිල සී පෙරේරා මහතාගේ ප්‍රධානයෙන් පැවති  මෙම අවස්ථාවට, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති පී එච් චන්ද්‍රපාල,ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මිරැන්ඩෝ යන මහත්වරුන් ඇතුලු ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මංඩලය සහාභාගී වූහ.

www.bbcmirror.com

www.bbcmirror.lk      

www.bbcmirrormedia.com

www.bbcmirrormedia.org

www.asianewsplusone.com       

www.sfmnewslk.com   

www.Lankawebnews.lk   

www.ceylonwebrepoter.com    

www.ceylonwebnews.com        

https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?mode=gi_c      

https://youtube.com/@bbcmirror?si=gUipLaxS2au3wav-         

https:/ www.instagram.com/bbcmirror_media_?igsh=MW5seTc0eW1yYmVsNw%3D%3D&utm_source=qr

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *