Offmarks තරු රැයක් මාර්තු 21 දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක චාමර සමරවික්‍රම ගේ සංකල්පයකට අනුව තෙවන වරටත් නිර්මාණය වූ Offmarks තරු රැයක්  2026 ප්‍රසංගය මෙම මස 21 වනදා පස්වරු 6.30 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලාංකීය සිනමාව ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය සහ සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරු රැසක් එකම වේදිකාවක පෙලහර පානා මෙම ප්‍රසංගයේ රංජන් රාමනායක සංගීතා වීරරත්න සුරාජ් මාපා ධනංජය සිරිවර්ධන හිමාලි සිරිවර්ධන සජිත අනුත්තර උදාරි වර්ණකුලසූරිය ඇතුළු ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන් 30 ක් පමණ සහභාගීවේ.

මෙම ප්‍රසංගය පිළිබද අදහස් දැක්වූ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක චාමර සමරවික්‍රම මහතා සදහන් කළේ නැටුම් ගැයුම් වැයුම් හා රැගුම් සපිරි මෙම ප්‍රසංගය තුලින් ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන්ට අමතක නොවන කලාත්මක හා නවමු අත්දැකීමක් එක් කිරීමට මෙම ප්‍රසංගය සමත් වනු ඇති බවයි.

මෙවරද මෙම ප්‍රසංගය සදහා ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයනු ලබන්නේ Offmarks  සන්නාමය යටතේ ක්‍රියාත්මක වන පැරිස් ලංකා පුද්ගලික සමාගම විසිනි. මෙම ප්‍රසංගයේ මාධ්‍ය ආවරණය ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාව සිදු කරන අතර සම්බන්ධීකරණය ඩෙන්සූ ග්‍රාන්ට්ස් ආයතනය වේ. නර්තන වින්‍යාසය ගයාන් ශ්‍රීමාල් සිදු කරන අතර අධීක්ෂණය හා ප්‍රසංගය ඉදිරිපත් කිරීම තනුජා ජයවර්ධන විසින් ද අධ්‍යක්ෂණය දිල්ෂාන් අමරසිංහ විසිනි.

මෙවර ප්‍රසංගයේ තවත් විශේෂත්වයක් වනුයේ ශ්‍රී ලංකා කලා ක්ෂේත්‍රයට දිගුකාලීනව සිදු කර ඇති සේවාව අගයා ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය මහතාට සහ ශිල්පිණී නෙතලී නානායක්කාර මහත්මියට විශේෂ සම්මාන ප්‍රදානයක් සිදු කිරීමට නියමිතවීමය.

මෙම ප්‍රසංගය නැරඹීමට කැමති ප්‍රේක්ෂකයන් හට අවශ්‍ය ටිකට්පත් Pick Me Events වෙත පිවිසීමෙන් ලබාගත හැකි අතර වැඩිදුර විස්තර 0704703704 ඔස්සේ විමසිය හැක.

රමාසාන් උත්සවය වෙනුවෙන් ආහාර පාර්සල් බෙදාදීමේ වැඩසටහන

www.bbcmirror.lk    www.Lankawebnews.lk මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

රමාසාන් මසෙහි මනුෂ්‍යත්වය, කරුණාව හා බෙදාගැනීම යන වටිනාකම් ප්‍රබලව ප්‍රකාශ වන අතර, ඒ අගය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මානව හිමිකම් ආරක්ෂණ සංවිධාණය විසින් සංවිධානය කළ ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහන සාර්ථකව පැවැත්විණි. 🌙🤝

විධායක අධ්‍යක්ෂක චාර්ය එම්.එම්. සෆාන් මහතාගේ උපදේස් පරිදි

අධ්‍යක්ෂක රෝහිත කුමාර විජේතිලක මහතා වීසින් අවශ්‍යතාව ඇති පවුල් සදහා ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ කටයුතු සිදු කරන ලදී.

රමාසාන් මස අපට සිහිපත් කරන්නේ අසරණයන් ගැන සිතමින්, සමාජයේ දුර්වල පිරිස්ට සහයෝගය ලබාදීමේ වැදගත්කමයි. එම සමාජීය වගකීම ඉටු කරමින්, මානව හිමිකම් ආරක්ෂණ සංවිධාණයේ විසින් මෙවැනි වැඩසටහන් මඟින් ජනතාව අතර එකමුතුව, සාමය සහ සමාජ සමානතාව ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන කටයුතු කරමින් සිටී.

රමාසාන් මසෙහි ආශීර්වාද සියලු දෙනාට ලැබේවා!

www.bbcmirror.com

www.bbcmirror.lk      

www.bbcmirrormedia.com

www.bbcmirrormedia.org

www.asianewsplusone.com       

www.sfmnewslk.com   

www.Lankawebnews.lk   

www.ceylonwebrepoter.com    

www.ceylonwebnews.com        

https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?mode=gi_c      

https://youtube.com/@bbcmirror?si=gUipLaxS2au3wav-         

https:/ www.instagram.com/bbcmirror_media_?igsh=MW5seTc0eW1yYmVsNw%3D%3D&utm_source=qr

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *