රුසියානු ජනපති අතින් ශ්‍රි ලංකාවට කිර්තියක් අත්කර දුන් වෛද්‍ය සමන් වීරසිංහට සම්මානයක් BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

 

වෛද්‍ය සමන් වීරසිංහ මහතා හට රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් විසින් පිරිනමන “මිත්‍රත්වය සදහා වූ රුසියානු රාජ්‍ය සම්මානය” පිරිනමයි.

වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ මහතාට රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් “මිත්‍රත්වය සදහා වූ රුසියානු රාජ්‍ය සම්මානය (04) වෙනි දින පිරිනමනු ලැබීය.

එය රුසියාව සිවිල් පුරවැසියෙකුට පිරිනමන ඉහළම ගෞරව නාමයක් වන අතර, දශක ගණනක් පුරා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික, සංස්කෘතික සහ ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීමට ඉටු කළ සේවය අගයමින් මෙම ගෞරව නාමය පිරිනමා තිබේ.

ශ්‍රී ලංකාවේ ගෝලීය රාජ්‍ය තාන්ත්‍රික පැවැත්ම සඳහා වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් 2025 දී මෙම සම්මානය ලැබූ එකම ආසියානු ජාතිකයා වෛද්‍ය සමන් වීරසිංහ ය.

මොස්කව් වෛද්‍ය විද්‍යාලයේ ගෞරව උපාධිධාරියෙකු වන වෛද්‍ය වීරසිංහ මහතා රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ලෙස (2015 – 2018) සේවය කළ අතර දැනට ශ්‍රී ලංකා-රුසියානු මිත්‍රත්ව සංගමයේ මහලේකම් සහ කොළඹ රුසියානු භූගෝලීය සංගමයේ සභාපති යන තනතුරු දරයි.

ඔහුගේ නායකත්වය, දෙරට අතර සංස්කෘතික හුවමාරුව, සහයෝගීතාවය සහ කල් පවත්නා අන්‍යෝන්‍ය මිත්‍රත්වය වර්ධනය කිරීම සදහා මහෝපකාරී වී ඇත

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *