ලෝක කම්කරු දිනය අදයි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

රට වටා සංදර්ශන තියෙනවා වෙනුවට දේශීය අල (අර්තාපල්) ගොවියා ශක්තිමත් කර ඔවුන් යටතේ වැඩ කරන කම්කරුවන් රජ කරවන්න කටයුතු කළ යුතුයි උඩරට ගොවීන්ගෙන් හා කම්කරුවන්ගෙන් ජනපතිට දැනුම් දීමක් .

අද මැයි 01 දිනට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් රටා වටා කම්කරු දින පවත්වමින් සංදර්ශන දානවා වෙනුවට කම්කරුවන් යැපෙන කම්කරුවන් ආදායම් උපයාගන්න උඩරට අල (අර්තාපල්) ගොවියාගේ නිෂ්පාදන වලට ඉහළ මිලක් ලබා දී පිටරටින් අල (අර්තාපල්) ගෙන්වන එක නැවැත්තුවා නම් කම්කරුවා වැඩි පඩියක් අරන් රජ වන බැවින් ගොවි ආර්ථිකය ශක්තිමත් කර කම්කරුවා නගා සිටවන්නට රජය මැදිහත් වී කටයුතු කරන්නට මුල් වෙන ලෙස උඩරට ගොවීන් හා කම්කරුවන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

ඔවුන් මේ බව කියා සිටියේ ලෝක කම්කරු දිනය වුවත් ගෝලීය අර්බුද හමුවේ අද (01) දිනයේ ජීවන තත්වය නගා සිටවා ගැනීමට තරම් ආර්ථිකය ශක්තිමත් නොවන හේතුවෙන් කම්කරු දිනයේ ද නිදහසක් නොලබා වගා කටයුතුවල නියැලී සිටින පසුබිමකය ,

මෙහිදී වැඩිදුර අදහස් දැක්වූ ගොවි මහතුන් ,

ගොවියන් හැටියට අපේ ගොවි බිම් වල වැඩ වලට ශක්තියක් වෙන්නේ කම්කරුවන් උඩරට ගොවිතැනේ කම්කරුවෙක් නඩත්තු කරන්න රුපියල්  3500 සිට 5000 ක් දක්වා අපි වැය කරනවා ,

පිටරටින් අල (අර්තාපල්) ගෙන්වලා අපේ රටේ මිනිස්සුන්ට කන්ඩ දෙන සංස්කෘතිය නිසා අපේ අල (අර්තාපල්) වල මිල හොඳටම බැහැලා තියෙන්නේ ,

අල (අර්තාපල්) කිලෝවක නිෂ්පාදන මිල රුපියල් 300 ක් වෙද්දි අපිට අලකිලෝ එක විකුණ ගන්න වෙලා තියෙන්නේ රුපියල් 150ක් 200ක් අතර මුදලකට ,

කෘෂිකර්මාන්තය සම්බන්ධව රජය නිවැරදි තීන්දු තීරණ නොගැනීම හේතුවෙන් තමයි අපිට මේ ඉරණම අත්වෙලා තියෙන්නේ ,

ගොවියන්ගේ ආර්ථිකය ශක්තිමත් වෙලා දේශිය අල (අර්තාපල්) වලට නිසි මිලක් රජය ලබා දුන්නා නම් කම්කරුවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවන්නට හැකිවන අන්දමින් වැඩි පඩියක් ලබාදීමට අපට පුළුවන් ,

කම්කරුවන් අපි ළඟට වැඩට එනකොට හැමදාම උදේට කියන එක වචනයක් තමයි මහත්තයා අදවත් පඩිය කීයක් හරි වැඩිපුර ගන්න පුළුවන්ද කියලා ,

ඒ මිනිස්සුන්ගේ අසරණකම දැක්කහම අපිටත් පුදුම දුකක් දැනෙන්නේ ,

අපිත් ඇත්තටම ආසයි ඒ මිනිස්සුන්ගේ අත පිරෙන්න හිත පිරෙන්න පඩියක් දෙන්න ,

අපි ඒ දේට ආස උනත් රජය ඒ දේට කැමති නැහැ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ ,

අපි රජයෙන් ඉල්ලන්නේ ලෝක කම්කරු දිනය වෙනුවෙන් අපි තමයි වැඩිම කම්කරු දින සැමරුම් කරලා තියෙන්නේ කියලා හඬ බෙර ගහගෙන රට වටේ සංදර්ශන තියනවා වෙනුවට ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කරලා කම්කරුවන්ගේ හෙට දවසක් නිර්මාණය කරන්න කියලයි.

කම්කරු දිනය පිළිබඳව අදහස් දක්වමින් ගොවිමහතුන් කිහිප දෙනෙකුගෙන් අප අදහස් විමසූ විට ඔහුන් කියා සිටියේ අද කම්කරු දිනයේ ද අපිට වැඩ කරන්න වෙලා තියෙන්නේ කම්කරුවා ගැන හිතන්නෙ නැතුව රජය සංදර්ශන වලට පමණක් සීමා වෙලා වැඩ කරන නිසා ,

අපි රජයෙන් ඉල්ලන්නේ අපි ගැන හිතලා ගන්න පුළුවන් වැදගත් තීන්දු තීරණ ගත්තානම් ගොවි ආර්ථිකය ශක්තිමත් කරලා අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න ක්‍රමවේදයක් හැදුවා නම් ලබන වසරේදී හෝ අපට කම්කරු දිනයට නිවාඩුවක් අරන් හොඳ උස්මක් අරගෙන නිදහසේ ඉන්න පුළුවන් වේවි .

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *