සරසවි උයන බෙරවඩ්ස් BATTLE OF SENKADAGALA වාර්ෂික ක්‍රිකට් තරඟයේ නිල ලාංඡන එළි දකී

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

තරඟය 23 දා අස්ගිරිය ක්‍රීඩාංගනයේදී .

මහනුවර සරසවි උයන විදුහල හා අම්පිටිය බෙරවඩ්ස් විදුහල අතර වාර්ෂික BATTLE OF SENKADAGALA    මහා ක්‍රිකට් තරඟයේ  නිල ලාංඡන එළි දැක්වීම හා මාධ්‍ය හමුව ඊයේ (16) පස්රවරුවේ පේරාදෙණිය රාජකීය තානායම් උත්සව ශාලාවේදී  දී සිදු කෙරිණි.

සරසවි උයන විදුහල්පතිනි ඒ. ජී. ඩී. අලුදෙණිය  හා අම්පිටිය බෙරවඩ්ස් විදුහල්පති ඩී.එම්.එන්.වී.දසනායක මහත්ම මහත්මින් අතින් නිල වශයෙන් කුසලානය එළි දැක්වීම සිදු කෙරිණි .

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂයින් රැසක් බිහි කරන  කන්ද උඩරට පාසල් අතර සම සමව දස්කම්  දක්වන ක්‍රීඩකයින්ගෙන් සමන්විතව   පැවැත්වෙන මෙම ක්‍රිකට්  තරඟය මෙවර මහනුවර අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ලබන 23  වැනිදා පැවැත්වේ.

මේ වන විට මහනුවර නගරයේ පාසල් අතර පැවැත්වෙන  වාර්ෂික ක්‍රිකට් තරඟ පහ අතරට මෙම ක්‍රිකට් තරඟය එක්වීම විශේෂත්වයකි .

BATTLE OF SENKADAGALA ක්‍රිකට් තරඟය සදහා මෙවර සත්කාරක දායකත්වය දක්වන්නේ සරසවි උයන විදුහලයි.මෙම තරඟය හතරවැනි වතාවට පැවැත්වෙන අතර පාසල් දෙකෙහි දක්ෂ ක්‍රීඩකයින් පිරිසක් මෙවර පිත්තෙන් පන්දු යැවීමෙන් හා පන්දු රැකීමෙන් දක්ෂතා දැක්වීමට සූදානමින් සිටී.

සරසවි උයන විදුහලේ මෙවර නායකත්වය දරන්නේ

ඩබ්.එන්.හේෂාන් දනන්ජන් ය.උපනායක ලෙස කටයුතු කරන්නේ සදේව් දිනුක නානායක්කාර ය.අම්පිටිය බෙරවඩ්ස් විදුහලට මෙවර නායකත්වය දෙනු ලබන්නේ  දුමිඳු සදරුවන් වන අතර  උපනායක ලෙස  කෙසාර දිල් රුක් ක්‍රීඩා කරයි.

සරසවි උයන විදුහල්පතිනි ඒ. ජී. ඩී. අලුදෙණිය ,නියෝජ්‍ය විදුහල්පති  ටී.එම් එස්. ඒකනායක ,ක්‍රිකට් භාර ආචාර්ය මේනක   සමරකෝන් අම්පිටිය බෙරවඩ්ස් විදුහල්පති ඩී.එම්.එන්.වී.දසනායක ක්‍රීඩා භාර විදුහල්පති අශෝක ඒකනායක ක්‍රිකට් භාර  ආචාර්ය ශ්‍රීනාත් ජයසිංහ ,සත්කාරක සරසවි විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් එම්.ඩී.චේතිය හේමචන්ද්‍ර පුහුණු කරුවන් වන හේෂාන් ගමගේ   නදීර රුක්ෂාන්, කවිශ්ක යෙහාන්, යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *