හවායි දූපත් වෙත සුනාමි රළ BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

හවායි දූපත් වෙත සුනාමි රළ පැමිණේයි
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් මේ වනවිට ඇලෙස්කාව සහ අමෙරිකාවට අයත් හවායි දූපත් වෙත සුනාමි රළ ඇතුළු වී තිබේ.
හවායි හි ඔආහු දූපතේ වෙරළ තීරයේ හලයිවාහි වෙත අඩි 4කට වඩා ඉහළ රළ පහරක් පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හවායි ප්‍රාන්තය, අලෙස්කාවේ ඇලූටියම් දූපත්වල ඇතැම් කොටස් සහ උතුරු කැලිෆෝනියාවේ කොටසක් මේ වනවිටත් සුනාමි අනතුරු ඇඟවීම් යටතේ පවතින අතර, වඩාත් දැඩි අනතුරු ඇඟවීම එක්සත් ජනපදයේ බටහිර වෙරළ තීරයට නිකුත් කර ඇත.
සුනාමි රළ දැනට හවායි ප්‍රාන්තයට බලපෑම් කරන බවත් සුනාමි අනතුරු ඇඟවීම ක්‍රියාත්මක වන බවත් වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ

