හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලස් සාකෝසිට වසර පහක සිර දඬුවමක් නියම කරේ BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

වසර පහක සිර දඬුවම් නියම වූ ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාර්කෝසි පැරිසියේ බන්ධනාගාරයකට (La Sante prison) රැගෙන විත් තිබෙනවා.

70 හැවිරිදි සාර්කෝසිගෙ සිරගත කිරීම, යුරෝපීය සංගමයේ රාජ්‍යයක සිරගත කරන ලද පළමු හිටපු ප්‍රධානියා ලෙස ඉතිහාසගත වන්නකි.

එමෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පසු සිරගත කරන ලද නාසි සහයෝගීතා රාජ්‍ය නායක පිලිප් පෙටේන්ගෙන් පසු සිරගත කරන ලද පළමු ප්‍රංශ නායකයා සාර්කෝසි ය.

2007 මැතිවරණ ව්‍යාපාරයට අරමුදල් සැපයීම සඳහා අභාවප්‍රාප්ත ලිබියානු පාලක මුවම්මර් ගඩාෆිගෙන් යුරෝ මිලියන ගණනක නීති විරෝධී ගෙවීම් ලබා ගැනීම හේතුවෙන් පසුගිය මාසයේදී සාර්කෝසිට වසර පහක සිර දඬුවමක් නියම විය.

සාර්කෝසි ඒ සෑම චෝදනාවක්ම ප්‍රතික්ෂේප කර ඇත.

2007 සිට 2012 දක්වා ජනාධිපති ධුරය දැරූ සාකෝසි, ඔහුගේ සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ද ඉදිරිපත් කර ඇති බව සඳහන්.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *