හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියට ඇප:

BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ජනාධිපති පොදු සමාවට මුවාවී අනුරාධපුර බන්ධනාගාරයේ සිටි සිරකරුවෙකු නිදහස් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට වැඩ තහනමකට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (ජූලි 09) නියම කළේ ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මෙම නියෝගය නිකුත් කළා ය.
ඒ අනුව සැකකරු රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුට දිවයිනේ බන්ධනාගාරවලට ඇතුළු වීම ද තහනම් කළා ය.
ඊට අමතරව, විදේශ ගමන් තහනමක් ද පැනවුණු අතර, විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කෙරිණි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *