මේ රජයට කිසිම වැඩක් හරියට කර ගන්න බැහැ – සජිත්


BBCMirror.lk . asianewsplusone.com sfmnewslk.com

පසුගියදා ගල්කිස්ස වෙරළතීරයට මෘතශරීරයට ගොඩ ගසා ඇති බවත් ඊට අමතරව කදාන ප්‍රදේශයේ වෙඩි තැබීමකින් ජීවිතයක් අහිමි වී ඇති බවත් කාලයක් පුරාවටම අප රටේ ඝාතන රැල්ලක් ක්‍රියාත්මක බවත් මේ පිළිබඳ රජයෙන් ප්‍රශ්න කර දැනුවත් කළත් ආණ්ඩුවට මේ ගැන උත්තර නොමැති බවත් රටේ නීතිය හා සාමය, අපරාධ මැඩලීම ගැන රජයට අදහසක් නොමැති බවත් නීතිය හා සාමය ස්ථාපිත කරන්නට, මහජනතාවගේ ආරක්ෂාව ස්ථාපිත කරන්න වැඩපිළිවෙළක් දර්ශනයක් නොමැති රජයක් අද රටේ ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රාමඤ්ඤ මහා නිකායේ 74 වැනි උපසම්පදා විනය කර්ම වැඩපිළිවෙළ යටතේ 400කට වැඩි ගෞරවනීය සාමනේරයන් වහන්සේලා පිරිසක් අනුරාධපුර දී උපසම්පදා කිරීමේ අවස්ථාව සදහා එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

මනුෂ්‍ය ඝාතන අඛණ්ඩව සිදුවන බවත් මැරකල්ලි, පාතාල කල්ලි, කුඩු ජාවාරම්කාර කල්ලි, විවිධ මර්ධනකාරී කල්ලි, නාදුනන තුවක්කුකරුවන්, සංවිධානාත්මක අපරාධ කල්ලි මෙරට මිනිස් ඝාතන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් සමාජය තුළ ජීවත් වීමේ අයිතිය නොමැති බවත් ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න රජයට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *