පිරිමි අඩුවෙයි , කාන්තා ජනගහනය වැඩිවෙයි BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි ජනගහනය පැහැදිළි අඩුවක් දක්නට ඇති බව ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ, මෙරට පිරිමි ජනගහණය අඩුවීම හේතුවෙන් ඉදිරියේ දී අර්බුද රැසක් නිර්මාණය කරනු ඇති බවයි.
මේ හේතුවෙන් ශ්‍රම බලකායට මෙන්ම සමාජ ප්රගමනයට එය බාධාවක් වී දිළිඳු ග්‍රාමීය කාන්තාවන්ට විවාහයන් පවා අහිමිවිය හැකි බව අමින්ද මහතා පවසනවා.
සංඛ්‍යා ලේඛන විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.
1995 වසරේදී කාන්තාවන් සිය දෙනකුට පිරිමින් 100.2ක් බවට තොරතුරු තිබුණත් 2024 වසරේදී එය කාන්තාවන් පිරිමින් 93.7%ක් බවට අඩු වී ඇති බවට ඔහු පෙන්වාදෙනවා.
එමෙන්ම අමින්ද මෙත්සිල මහතා පවසන්නේ, කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව වැඩිවීම, කාන්තා උපත් වැඩිවීම, තරුණ පිරිමි පුද්ගලයින් විදෙස් ගතවීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමින්ද මෙත්සිල මහතා :
කාන්තාවන්ගේ උපත් වැඩිවී තිබෙනවා. එහෙම වෙන්නෙ කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව වැඩියි. තරුණ පිරිමින් විදෙස්ගතවන ප්‍රවණතාව දිනෙන් දින වැඩි වෙලා. දරුවන් ලැබීමේ සාපල්‍යතාවය අඩුවෙලා. එ උපත් වලිනුත් බහුතරයක් කාන්තා උපත්.
අද විශ්ව විද්‍යාලයක ගත්තත් ඉංජිනේරු පීඨ හා තාක්ෂණික පිීඨවල හැරුණුකොට සෙසු සියල්ලන්ගෙම කාන්තා ප්‍රතිශතය වැඩියි. මේ අසමතුළිතතාවය ජාතික ශ්‍රම බලකායට තදින්ම බලපානවා. මොකද ඇතැම් රැකියාවන් පිරිමින්ට ආවේණික ඒවා. ඉන්න පිරිමින්ගෙන් බහුතර පිරිසක් විධායක ශ්‍රේණියේ රැකියාවලට යනවා. එදිනෙදා කටයුතු වලට කවුරුත් නැහැ.කාය ශක්තිය ගත්තත් පිරිමි අයට වැඩියි. එසා මේ අඩුවීම ශ්‍රම බලකායට ඍජුවම බලපාන්නවා.
මේක අපි දකිනවා විශ්වවිද්‍යාල තුළ ගත්තත් අධ්‍යාපන ආයතන තුළ ගත්තත් ප්‍රධාන ඩිග්‍රිරි එකක් හෝ දෙකක් හැර ඉංජිනේරු සහ තාක්ෂණය යන ඒවා හැර අනෙකුත් සියලුම කේෂ්ත්‍රවල කාන්තා ප්‍රතිශතය විශාල වශයෙන් වැඩිවීම තුළ කාන්තාවන් විශාල පිරිසක් ශ්‍රම බළකාවට එකතුවෙන ප්‍රවණතාවයක්. මේ අසමතුලිතතාවය එනම් මේ කාන්තාවන් සහ පිරිමින් සමතුලිත නොවුණහොත් එකෙන් වෙන්න පුළුවන් බලපෑම් ගණනාවක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ශ්‍රම බළකාවට සහ එහි ඵලදායිතාවයට මේක කොහොමද බලපාන්නේ කියලා බැලිය යුතුයි. පිරිමි අයටම සීමා වුණ රැකියා ගණනාවක් තියෙනවා. ඒ රැකියා කරන්න ප්‍රමාණයවත් පිරිමි ජන ගහණයක් ආවේ නැත්නම් අපි විශාල අර්බුදයකට යන්න පුළුවන්.
කාන්තාවන්ට ප්‍රමාණවත් පිරිමි පුද්ගලයින් නැතු වුණොත් ඔවුන් එක තැනකදී විවාහ ගිවිස ගද්දි, ඔවුන් අර්බුදයකට යනවා. හේතුව තමා ඉන්දියාව වගේ ලස්සන හා ධනවත් කාන්තාවන්ට හැකියාවක් සහිත පසුබිම් තියෙන කාන්තාවන්ට පිරිමියෙක් හොයා ගන්න එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ග්‍රාමීය මට්ටමෙන් දුගී කාන්තාවන්ට පිරිමි පුද්ගලයෙක් හොයන එක අසීරු වෙන්න පුළුවන්. මේක කොහොමද රටට බලපාන්නේ, මේකට දෙන්න පුළුවන් විසඳුම මොකද්ද කියන එකට රජය විසඳුමක් ඉක්මනින්ම සෙවිය යුතුයි. මෙය පරම්පරා ගණනාවක් ඉදිරියට බලපෑව ද අද සිටම විසඳුමක් සෙවීම සුදුසුයි.

