ළමා කටයුතු ඇමතිනිය කොරියාවේ සෙමාවුල් පදනම මගින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන කාන්තාවන් සවිබල ගැන්වීමේ පස් අවුරුදු ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සරෝජනි පෝල්රාජ් මහත්මිය පසුගියදා එක්විය. BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

කොරියානු රජයේ අනුග්‍රහය මත නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ බඹරකැලේ, ශාන්තිපුර හා කලාපුර යන ගම්මානය තුනේ කාන්තාවන්ට මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ හිමිවේ.
මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර් ඔල්ගා මහත්මිය, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් දනන්සූරිය මහතා, ඇතුළු ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් රාජ්‍ය නිළධාරීන්, ප්‍රතිලාභීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

