ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර ජෙනරාල්වරිය සහ අගමැතිනිය අතර හමුවක්. BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දිගුකාලීන හා මිත්‍රශීලී සබඳතා නැවත තහවුරු කිරීමට මෙම හමුව අර්ථවත් අවස්ථාවක් විය. අග්‍රාමාත්‍යවරිය විසින් ආණ්ඩුකාර ජෙනරාල්වරිය පිළිගත් අතර අනතුරුව ඇරඹි සාකච්ඡාවේදී විශේෂයෙන් දේශපාලනය, ආර්ථිකය සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල දෙරට අතර ශක්තිමත් සහයෝගීතාවයක් ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කෙරිණ. සැමට ප්‍රවේශය ලැබෙන සහ ඉහළ ගුණාත්මකභාවයකින් යුතු අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අගමැතිනිය ආණ්ඩුකාර ජෙනරාල්වරිය දැනුවත් කළාය.

ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳ ආණ්ඩුකාරවරිය මෙහිදී පැහැදිලි කළ අතර, මෙම ක්ෂේත්‍රය තුළ වඩාත් සමීපව සහ එක්ව කටයුතු කිරීමටද කැමැත්ත පළ කළාය. ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානතාව සඳහා දෙපාර්ශවයම ඔවුන්ගේ ක්‍රියා පටිපාටිය පිළිබිඹු කරමින් දේශපාලනය තුළ කාන්තා සහභාගීත්වය සහ නායකත්වය වැඩි කිරීමේ වැදගත්කම පිළිබඳවද ඵලදායී සාකච්ඡාවක නිරත විය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙල සඳහා ඕස්ට්‍රේලියාවේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවට සහතික වූ ආණ්ඩුකාර ජෙනරාල්වරිය, ක්ෂේත්‍ර කිහිපයක ද්විපාර්ශවික සහයෝගීතාව පුළුල් කිරීමේ හැකියාවන් පිළිබඳවද සාකච්ඡා කළාය.

ඔස්ට්‍රේලියානු දූත පිරිස නියෝජනය කරමින් ආණ්ඩුකාර ජෙනරාල්වරියගේ නිළ ලේකම් Gerard Martin PSM, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් Paul Stephens, රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවේ Aide-de-Camp, Jamie Thanjan, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහකොමසාරිස් Lalita Kapur, සහ මෙරට ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන ලේකම් ආචාර්ය Paul Zeccola, යන මහත්ම මහත්මීන් ඇතුළත් විය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් රුවන්ති දෙල්පිටිය සහ එම අමාත්‍යංශයේ නැගෙනහිර ආසියානු අංශයේ අධ්‍යක්ෂ Dhawood Amanullah යන මහත්ම මහත්මීන් මෙම හමුවට එක්ව සිටියහ

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *