ගාසා නගරය අත්පත් කර ගැනීමේ තීරණයට විරෝධය පා ඊශ්‍රායලයේ ජනතාව පාරට බහී BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ඊශ්‍රායලය ආරක්ෂක මණ්ඩලය විසින් ගාසා නගරයේ පාලනය අත්පත් කර ගැනීමේ සැලැස්මක් අනුමත කිරීමත් සමග එරට ටෙල් අවිව්හි විරෝධතා රැසක් ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විරෝධතාකරුවන් ඊශ්‍රායල රජයට විරෝධය දක්වමින් සඳහන් කර ඇත්තේ වහාම යුද ගැටුම් නතර කරන ලෙසය.

මෙම විරෝතාවට එක්වූවන් විසින් පලස්තීනයේ රඳවා සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ ඡායාරූපද ඔසවා සිය විරෝධතාව ප්‍රකාශය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ මෙම විරෝධතා රැලිය සඳහා ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්ද නියෝජනය කරමින් විරෝධතා කරුවන් 100,000කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වී ඇති බවය.

මේ අතර අදාළ විරෝධතාකරුවන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ නිවස අසලට රැස්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විරෝධතාකරුවන් ජෙරුසලමේ සිට විරෝධතා පුවරු රැගෙන ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ නිවස අසලට ගොස් යුද ගැටුම් නවත්වන ලෙසත්, ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවිත ආරක්ෂා කරන ලෙසත් දක්වමින් විරෝධතාවයේ නිරත වී ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ නෙතන්යාහුගේ මෙම තීරණයට එරෙහි ඊශ්‍රායලයේ ප්‍රදේශ රැසක විරෝධතා සංවිධානය වන බවය.

ගාසා තීරයේ යුද්ධය පුළුල් කිරීමට ඊශ්‍රායලය ගත් තීරණය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ එක්සත් රාජධානිය, ප්‍රංශය සහ කැනඩාව ඇතුළු රටවල් කිහිපයකින් හෙළා දැකීමට හේතු වූ අතර, ජර්මනිය ඊශ්‍රායලයට හමුදා අපනයන නතර කිරීමට හේතු විය

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *