පොලිස්පතිට සෘජුවම ගැටළු දැනුම් දෙන්න, නව වට්සැප් අංකයක් 0718598888 BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
පොලිස්පතිට සෘජුවම ගැටළු දැනුම් දෙන්න, නව වට්සැප් අංකයක්
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි, ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධව සහ පොලිස් සේවය අවැසි ගැටළුකාරී අවස්ථාවන්වලදී සෘජුවම ඒ පිළිබඳව පොලිස්පති කාර්යාලය දැනුවත්කිරීමේ හැකියාව මහජනයාට සලසා දෙමින් වට්සැප් අංකයක් හඳුන්වාදී තිබෙනවා.
071-8598888 වන එම අංකයට (13) දින සිට පණිවුඩ යොමුකළ හැකිය.
ඒ අනුව මේ ඔස්සේ ඔබට කෙටි පණිවිඩ, හඬපට, ඡායාරූප හා වීඩියෝ දර්ශන යොමුකිරීමට හැකියාව ඇති අතර ඇමතුමක් මගින් සම්බන්ධවිය නොහැක.
පොලිස් නිලධරයන්ට ද සිය ගැටළු ඉදිරිපත්කිරීම සඳහා මෙන්ම තොරතුරක් ලබාදීම සඳහා ද මෙම අංකය විවෘත වනු ඇති

