ශ්‍රී ලංකා පොලිසියේ 37 වන පොලිස්පති වශයෙන්, නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද (14) උදෑසන එම ධුරයේ වැඩ භාරගනිමින් සිය නිල රාජකාරී ආරම්භ කළා. BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ඒ, කොළඹ 02 පිහිටි පොලිස් මූලස්ථාන පරිශ්රයේදීයි.
සිය ධුරයේ වැඩ භාරගනිමින්, පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ බියෙන් සැකයෙන් තොරව හා ප්‍රචණ්ඩත්වයෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට සියලු දෙනා සහාය ලබාදිය යුතු බව බවයි.
එමෙන්ම විනයානුකූල පොලිසියක් බිහිකිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවත් පොලිස්පති, නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළා.
පොලිස්පතිවරයා වැඩ භාරගැනීමේ අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් රැසක් එක්ව සිටියා.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත සිය පත්වීමේ ලිපිය භාර දෙනු ලැබුවා.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61 E (b) වගන්තියට අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව මෙම පත්වීම සිදු කර ඇති අතර ප්‍රියන්ත වීරසූරිය, ශ්‍රී ලංකාවේ 37 වන පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනු ඇති.
1988 වසරේදී පොලිස් සේවයට පිවිසි හෙතෙම, මෙම වසර (2025) වන විට සිය සේවයේ ද 37 වන වසර සම්පූර්ණ කිරීම විශේෂය.
(පොලිස් සේවයේ 37 වන වසරේදී, 37 වන පොලිස්පති වූ ප්‍රියන්ත වීරසූරිය) https://www.newscenter.lk/si/articles/Who-is-Priyantha-Weerasooriya
වෘත්තියෙන් නීතිඥවරයෙකු ද වන ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස් සේවයේ ඉහළම තනතුර භාර ගැනීමට පෙර පොලිස් කොස්තාපල්, නියෝජ්‍ය පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී යන ප්‍රධාන නිලයන් තුනම සමත් වූ පළමු පොලිස්පතිවරයා වීම සුවිශේෂී කරුණකි

