අනීතික ලෙස වත්කම් උපයන පොලිස් නිලධාරින්ට වැඩ වරදි BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

අනීතික ලෙස වත්කම් උපයන පොලිස් නිලධාරින්ට වැඩ වරදින ලකුණු
අනීතික ලෙස වත්කම් උපයන පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් පියවර ගන්නා බව පොලිස් මුලස්ථානය පවසනවා.
82000 ක් පමණ වන පොලිස් නිලධාරීන්ගෙන් ඉතා අතලොස්සක් දූෂිත,අනිතික සහ සමාජ විරෝධී කටයුතුවල නිරත වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නිතිඥ F.U. වුට්ලර් ප්‍රකාශ කළා.
කිසිදු නිලධාරියෙකුට මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් කිසිදු ඉඩක් නොලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
(17) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදි මධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියා.
පොලිසියේ සිටින දූෂිතයින්, අල්ලසට හා අනිතික ක්‍රියාවලට නැඹුරු නිලධාරින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය නිරන්තරයෙන් කටයුතු කරන බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහාකාර පොලිස් අධිකාරි F.U. වුට්ලර් කියා සිටියේ දූෂිත පිරිස් ඉවත් කොට මහජනතාවට විශ්වාසදායක පොලිස් සේවයක් බිහි කිරීම නව පොලිස්පතිවරයාගේ අරමුණ බවයි.
සෑම පොලිස් නිලධාරියෙක් කෙරෙහිම සුපරික්ෂාවෙන් අධීක්ෂණයෙන් කටයුතු කරන බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පොලිසියේ සියලුම මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් සිය වත්කම් බැරකම් ප්‍රකාශ වසරකට වරක් ලබාදිය යුතු බව සඳහන් කළා.
පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ වත්කම් බැරකම් පිළිබඳ විශේෂයෙන් පරික්ෂණ සිදු කරන්නේ දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් වුට්ලර් මහතා කියා සිටියේ නීති විරෝධී ලෙස වත්කම් උපයා ඇති බවට තොරතුරු ලැබුණොත් අනිවාර්යෙන් ඒ පිළිබඳව පියවර ගන්නා බවයි

