මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පොලිස් නිළධාරීන් කඩිනමින් හඳුනාගෙන සේවයෙන් නෙරපීමේ තීරණයක් BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින පොලිසියේ නිලධාරීන් කඩිනමින් හඳුනාගෙන පොලිසියෙන් නෙරපා හැරීමට පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අවධානය යොමුවතිබෙනවා.

ඒ සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද මේ වන විට සැළසුම්කර සකස් කරමින් පවතින බවයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරන්නේ.
දැනට සිදුවන්නේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින බවට සැකයට ලක්වන නිලධාරීන් පොලිස් රෝහලටත් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයටත් යොමුකර පරීක්ෂාවන් සිදු කිරීමයි.

ඉදිරියේදී පොලිස් ස්ථාන මට්ටමින් පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට ලක්කර මත්ද්‍රව්‍ය භාවිතා කරන නිලධාරීන් හඳුනා ගැනීම සැළසුම වී තිබෙනවා.

ලැබී ඇති දත්ත අනුව මේ වන විට පොලිසිය තුළ සැළකිය යුතු නිලධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින බවයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ.

මෑත කාලයේදී 100ක පමණ පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම් සම්බන්ධයෙන් පොලිසියටම කොටුවී සිටිනවා.

පොලිස් නිලධාරීන් සිව් දෙනකුගේ ගමන් මලුවල තිබුණු රුපියල් 12,200ක මුදලක් සොරාගත් තලෙයිමන්නාරම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙක් මන්නාරම පොලිසිය (18) දින අත්අඩංගුවට ගත්තා.

එම සැකකාර පොලිස් නිලධාරියා මුදල් සොරකම් කරගෙන ඇත්තේ මත්කුඩු භාවිතා කිරීමට බවට හෙළිව තිබෙනවා.

මෙම කොස්තාපවල්රයා මඩු දේවස්ථානයේ පැවති උත්සවයේ විශේෂ රාජකාරි සඳහා යොදවා සිටියදී මෙසේ සිය සහෝදර පොලිස් නිලධාරීන්ගේ මුදල් සොරාගෙන ඇතැයි වාර්තා වුණා.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *