රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

කොළඹ මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවාය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරමින් මෙම සැකකරුට එරෙහිව පොදු දේපොළ පනත යටතේ කරුණු ඉදිරිපත් කරන බව සඳහන් කළේය.

විමර්ශන කටයුතු අවසන් නොමැති නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතා අධිකරණයේ කරුණු දක්වමින් සැකකරු ඇප මත මුදාහරින ලෙසත් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව කරුණු සලකා බැලූ කොළඹ මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු එළැඹෙන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *